අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පින් බිමේ නවකම් ඇරඹේ…

by editor
ඔක්තෝබර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි.

මිහිඳු මහා රහතන්වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වැනි මිහිඳු පුර අටවක පොහොය (23) දින යෙදී තිබිණ. එය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි  (24) දා පස්වරුවේ   කිරිබත්ගොඩ
ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරනු ලැබීය.

මිහින්තලා පුද බිමට පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හා මිහිඳු මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ශෛලමය කරඬුව ක්‍රි.පු 03 වන සියවසට අයත් බව සැලකේ. බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි එක් අදියරකි.

මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.
ක්‍රි.පූ 200-210 අතර කාලයේ රජ කළ දෙවනපෑතිස්ස රජතුමාගේ බාල සොහොයුරු උත්තිය රජු මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිධන් කොට මිහිඳු මහා සෑය ඉදිකළ බව මහා වංශයේ සඳහන් වේ. මෙරට ඇති සෑ රදුන් අතරින් පැරණිතම චෙත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලැබේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

දීර්ඝ කාලයක සිට නටඹුන්ව ඇති මිහිඳු මහා සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය ඊයේ (25) ආරම්භ විය. 2014 වසරේ වැඩ ආරම්භ කරන ලදුව, 2015 වසරේ සිට ඇණ හිට තිබූ ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම් ද ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව සිදු කෙරේ. පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ ඊට දායකත්වය සපයති. සියලු ඉදිකිරිම් ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩ හිදි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හෙවත් මිහිඳු ලෙණ පිහිටි ස්ථානයට ළඟාවීමට ඇති මාර්ගයේ ශෛලමය පිය ගැට පෙළ ඉදිකිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වයෙන් ඊට සහාය වෙති.

මිහිඳු මහා සෑය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා සෑ රදුන් අභියස පැවති ආගමික උත්සවයට සහභාගී විය. එහිදී අනුශාසනා කළ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සී හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි නිදහස් පරිසරයක් සහිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට සහාය විය යුතු බව සඳහන් කළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කලින් පොම්පියෝ එනකොට හනුමන්තා වගේ පිණුම් ගහපු විමල්ලා අද ඇටි කෙහෙල් කෑ උගුඩුවෝ වගේ”

Next Post

සබරගමුව විශ්ව විද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ  සංවර්ධන කටයුතු ඇරඹේ…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.