ජනතා විමුක්ති පෙරමුණෙ නිර්මාතෘ රොහණ විජෙවීරගේ නැගණියක වූ පටබැඳිගෙ දොන් චිත්‍රානි විජෙවීර අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
1948.05.06 කොට්ටගොඩ දී උපත ලද ඇය මිය යන විට තංගල්ල ප්‍රදෙශයේ වාසය කරමින් සිටියාය.
මේ වනවිට දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ තැනපත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රෙල් 28 වෙනිදා පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.







