බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාවගෙන් ප්‍රතික්ෂේපවූ පරාජිත කණ්ඩායම් සමග සන්ධාන ගසා සභා පිහිටුවන්නේ නෑ… ටිල්වින්ගෙන් සහතිකයක්!

by editor
මැයි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පරාජය වු පක්ෂ සහ කුඩා කණ්ඩායම් සමග සන්ධානගතව සභාවල බලය පිහිටුවීමේ කිසිම අදහසක් ජාතික ජන බලවේගයට නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (07) පැවසුවේය.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සනාථ කළේය.
ජාතික ජන බලවේගය පක්ෂයක් ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් සෑම සභාවකම බලය පිහිටුවීමට කටයුතු කරන්නේ තනි තනිව තරග වැදුන හෝ ස්වාධීන කණ්ඩායම් ලෙස තරග වැදුන අපේක්ෂකයින් සමග සාකච්ඡා කර බව කී ටිල්වින් සිල්වා ඡන්ද ප්‍රතිඵල බලා ඉලක්කම් එකතු කොට වින්දනයක් ලබන අයට කිව යුත්තේ යථාර්ථය ඊට වඩා වෙනස් බවයැයි කීවේය..

ප්‍රශ්නය: සමහර තැන්වල 50%ක් වත් ඡන්ද නැති බව දකින්න ලැබුණා. ඔබලාට විපක්ෂයේ සහයෝගය ලබා ගන්න හැකියාවන් ලැබේවිද?

පිළිතුර: සභාවක වැඩි ඡන්ද ලබාගත් පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරාත්මක බලය ලැබෙන්නේ. සභාවක් පිහිටුවිය යුත්තේ දිනන ලද අය එකතු වෙලා. අපි සභා පිහිටුවීමේදී තනි තනිවම ඉදිරිපත් වූ අයත්, ස්වාධීනව ආව අයත් ඉන්නවා. ඒ අය අපට උදව් කරන්න කැමති නම්, අපට පුළුවන් එයාලට උදව් කරන්න. අපි ජනතාව දුන් වරම අනුව සභාව පිහිටුවනවා.

ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කණ්ඩායම් එක්ක එකතු වී සභා පිහිටුවීම සාර්ථක වේවිද කියන්න අපහසුයි. ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අයට තමයි, සභාව පිහිටුවන්න කියා ආරාධනා කරන්නේ. අනෙක් අයට සිදුවෙන්නේ, සභාවෙදි ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ.

ප්‍රශ්නය: අයවැයේදි ප්‍රශ්නයක් වුවහොත්?

පිළිතුරු: එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කොහොමත් සභාපතිවරයාට, සභාව පවත්වාගෙන යාමට විශේෂ බලයක් තිබෙනවා. තීරක ඡන්දයක් සභාපතිවරයාට තිබෙනවා. අපි හොඳ අයවැයක් ඉදිරිපත් කළොත් ඒකට විරුද්ධ වෙන්න කිසිවෙකුට පුළුවන්ද කියන කරුණ තිබෙනවා.

අපි මහජන මුදල් නාස්ති කරන්නේ නැති නම්, සොරකම් කරන්නේ නැති නම්, කොමිස්, කොන්ත්‍රාත් ගහන්නේ නැතිනම්, බිම හදන හොඳ වැඩපිළිවෙළකට කිසිවෙකුට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ.

ඡන්ද ප්‍රතිඵල බලලා, ඉලක්කම් එකතු කොට සතුටු වෙන්න හදන අයට, අපි කියනවා යථාර්ථය ඊට වඩා වෙනස්. අපි සභා පිහිටුවලා බලමු.

කවුරු හෝ පුද්ගලයෙකුට හිතුනොත් තමන් ඉන්න තැනට වඩා මෙතන හොඳයි, එයට උදව් කරනවා කියලා. ඒකට කිසිවෙකුටත් බාධාවක් නැහැ.

අපි පක්ෂත් එක්ක එකතු වෙලා, සන්ධාන ගහලා සභා පිහිටුවන්න කිසිම අදහසක් නැහැ. ඒ පක්ෂ පැරදුනු හා ප්‍රතික්ෂේප වූ පක්ෂ. ඒ නිසා ඒ පක්ෂත් සමග එකතු වීමට අවශ්‍ය නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලිමාවට කෙළවුනා ද?…. ටිල්වින් උත්තර දෙයි!

Next Post

ලක්ෂ 80ක වංචාවක්… කෙහෙළිය 20 දා තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.