වැඩි ශ්‍රම බලකායක් පැවතීමේ වාසිය චීනයෙන් ගිලිහෙමින් ඇතැයි ප්‍රජා විද්‍යාත්මක විශේෂඥයෝ අනතුරැ අගවති.
බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් රෙන්මින් විශ්ව විද්‍යාලයේ ප්‍රජා විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සොන්ග් ජියෑන් සදහන් කළේ චීනයේ උපත් අනුපාතයේ සීඝ්‍ර අඩුවීමක් සිදුව ඇති බවයි.
දරැවන් තුන්දෙනෙකු බිහිකළ හැකි ලෙස ආණ්ඩුව විසින් නීති සහ රෙගුලාසි පනවා ඒ සදහා විවිධ දිරිගැන්වීමේ වැඩසටහන් සිදුකළත් 2021 වර්ෂයේදී චීනයේ උපත් අනුපාතය බෙහෙවින් අඩුවී ඇති අතර එහි තවදුරටත් ක්රමානුකූල අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බව එම මහාචාර්යවරයා පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් ඉදිරියේදී චීනයේ වැඩිහිටි ජනහගනය ඉහළ ගොස් තරැණ සහ වැඩ කළ හැකි ජනගහනය අඩුවීම සිදුවනු ඇත.
මෙම තත්වය චීන ආර්ථිකයට අංශ ගණනාවක් ඔස්සේ අහිතරකර බලපෑම් එල්ල කළ හැකි බව විශේෂඥ මතය වී තිබේ