සැලසුම්සහගතව සහ දූරදර්ශීව ගත් තීන්දුවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව ඇති බව බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අවධාරණය කළහ.
උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කළේ 12වන වරටත් බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස් වූඅවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නරම්පනාවේ ආනන්ද නාහිමියන් අදහස් දක්වමින් කීවේ නිදහසින් පසු මේ රටේ බලයට පත් වූ රාජ්‍ය නාකයන් අතුරින් 30 අවුරුදු යුද්ධය පැවති කාලයටත් වඩා වැඩි බැරෑරුම් තත්වයකට මුහුණ දී එය කළමනාකරණය කළ නායකයා වත්මන් ජනාධිපතිවරයා බවය.
උන්වහන්සේ මෙසේ ද වදාළහ.
“රටේ ජනතාව දෛනික ප්‍රශ්න ගැටලුවලට ඔබතුමන් ඉතා සධානීය විසඳුම් ලබා දෙමින් මේ කටයුතු කිරීම සම්බන්ධව පළමුවෙන්ම අපේ ප්‍රසාදය ආශීර්වාදය පල කරන්න කැමතියි.“
“අද අප තවත් එක කාරණායකට ඔබතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. වෙනදා අපි මහනුවර සිට කොළඹට එන්න පැය තුනක හතරක කාලයක් ගත කරනවා. අද අපි අධිවේගී මාර්ගයෙන් ජනාධිපති තුමනි කොළඹ ආවෙ. බොහොම පහසුවෙන්.“
මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි පැවසුවේ ඉදිරි වසර තුන තුළ මොන අභියෝග ගැටලු පැමිණියත් ඉදිරියට යෑම සඳහා මහා සංඝරත්නය ලෙස තමන් සම්පූර්ණ සහයෝගය සහ ආශීර්වාදය ලබා දෙන බවය.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි උපදේශක සභාව අමතමින් ජනාධිපතිවරයාගේ ශාසනික සේවය මෙතෙකැයි කියා නිමකිරීමට තමන් වහන්සේට වචන නැති බව කීහ.
අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කූරගල පුදබිම ආරක්ෂා කිරීම, මුහුදු මහා විහාරය ඇතුළු නැගෙනහි බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම, ඇතුළු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ගන්නා නොපසුබස්නා ප්‍රයත්නය ගැන ස්තුතිවන්ත වූහ.
සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් වදාලේ මැරෙන්න වැටී සිටි මිනිස්සුන්ට ජනාධිපතිවරයාට බනින්නට හෝ ජීවත් වීම සඳහා එන්නත් තුනම ලබා දුන්නේ කවුදැයි ඒ බනින මිනිසුන් විසින්ම කල්පනා කළ යුතු බවය.
“රජයට දොස් කියන්න ජනාධිපති තුමාට දොස් කියන්නට හරි මැරෙයි කියා බයෙන් හිටි මිනිස්සුන්ට එන්නත් තුනක් ලබා දුන්නේ ජනාධිපතිතුමා“ උපාලි හාමුදුරුවො එසේ කීහ
තමන් බලයට පත් කිරීම සඳහා නිශ්චිත පරමාර්ථය වූ බෞද්ධ උරුමය දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට කැපවන බව මෙම උපදේශක සභාවේ දී ජනාධිපතිවරයා පොරොන්දු වුනේය.