කෝටි හත හමාරකට වැඩිය වටිනා රත්තරන් කිලෝ 3.5ක සහ ස්මාර්ට් ජංගම දුරකථන 91ක් ප්‍රභූ පර්යන්තය හරහා පන්නන්ට ගොස් රේගු අත්අඩංගුවට පත් වී නීතිවිරෝධී රන් තොගය සහ භාණ්ඩ රාජසන්තක කරගෙන රුපියල් ලක්ෂ 75ක දඩයකුත් ගෙවා අද( 24) උදේ රේගු අත්අඩංගුවෙන් නිදහස් වී පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද සවස පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැන්නීම යෝජනාවට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහාය.
එහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කරන යෝජනාවට මන්ත්‍රී අලි සබ්රි රහීම් විපක්ෂව සිය ඡන්දය භාවිතා කළේය.
ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ් ඉසෙඩ් 547 දරණ ගුවන් යානයෙන් ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේ ප්‍රභූ පර්යන්තයේ දී මන්ත්‍රීවරයා රේගු අත්අඩංගුවට පත් විය.