තමන් අනිවාර්යයෙන්ම අනාගත රජයක් ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට පැමිණෙන බව මහජන උපායෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අද (24) කීවේය.
අද පරාජය තමන්ගේ පරාජයක් නොව, ජනතාවගේ පරාජයක් බව කී ජනක රත්නායක තමා මේ බන්නේ අනාගත රජයක් ගැනීම සඳහා මූලික පියවර බව පැවසුවේය.
ඔහු මේ බව කීවේ අද (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා.
මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි.”