ඉන්දිකා රාමනායක –
පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී සහ තලංගම පොලිස් වසමේ පැලවත්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ , ලහිරු වීරසේකර, ජගත් මනුවර්ණ , ජෙහාන් අප්පුහාමි , රතිදු සේනාරත්න (රැට්ටා) ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
හඳුනාගත් මෙම පිරිස සම්බන්ධයෙන් කොටුව සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට පොලිසිය බි වාර්තාවකින් කරුණු වාර්තා කර ඇත
ඉකුත් 9 -10 යන දින මොවුන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , පහරදී තුවාල සිදුකිරිම පොදු දේපල පනත යටතේ වැරදි කිරීම , මංමවත් පනත යටතේ වැරදි සිදුකිරීම , අනර්ථය කිරීම , යන වැරදි මොවුන් සිදුකර ඇති බව කර ඇති බවට පොලීසිය අධිකරණය කරුණු වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ලංකාදීප –