ජංගම දුරකතන හෝ ස්ථාවර දුරකතන සමඟ බද්ධ කළ රක්ෂණ ඔප්පු සහ රක්ෂණ පැකේජ ප්‍රදානය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රක්ෂණ ක්ෂෛ්ත්‍රයේ නියාමකයා වන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ජංගම දුරකතන සේවා සම්පාදකයන්ගෙන් එක් එක් පුද්ගලයන් සම්බන්ධ දත්ත ලබාගැනීමට හැකි වුවද විභවයක් සහිත පුද්ගලයන් වෙත ඒවා අලෙවි කිරීම අදාළ රක්ෂණ සමාගම ඔවුන්ට අනන්‍ය වූ අලෙවි ක්‍රමෝපාය සහ තාක්ෂණ භාවිත කළ යුතු බවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සියලුම රක්ෂණ සමාගම්වලට දන්වා තිබේ.
මෙම නියෝගය සම්බන්ධ තීරණය ගෙනන ඇත්තේ පසුගියදා පැවති ශ්‍රී ලංකා රක්ෂණ කොමිෂන් සභාවේ 208 වැනි රැස්වීමේදීය.
2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්ත නියාමන පනතේ බලතල අනුව එම කොමිෂන් සභාව මෙම තීරණය ගෙන තිබේ.
රක්ෂණ නිෂ්පාදන ජනතාව වෙත ලබාදීම සහ ප්‍රවර්ධනය සඳහා අදාළ රක්ෂණ සමාගම් විසින් රක්ෂණ සමාගම් හෝ නියෝජිතයන් තැරැව්කාර සමාගම් විසින් පුහුණුව ලත් නිලධාරින් යෙදවිය යුතු බවට ද නියෝග කර ඇති අතර දැනට දුරකතන පැකේජ හරහා පිරිනමා ඇති රක්ෂණ පැකේජ ඉදිරියට යාවත්කාලීන කිරීමේදී ද අදාළ රක්ෂණ සමාගමේ පුහුණුව ලත් නිලධාරීන් විසින් සිදුකළ යුතු බවට ද නියෝග කර ඇත.
මෙම නියෝගයට අනුව වහාම කටයූතු කළ යුතු අතර එම තත්ත්වය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් වේ නම් ඔවුන්ට විරුද්ධව ලබන දෙසැම්බර් මස 1දා සිට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා රක්ෂණ කොමිසම දන්වා සිටී.