පාසල් ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් තවමත් දින වකවානු තීරණය කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ලබන 21 වෙනිදා කොවිඩ් මර්දන එන්නත විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළ රිජ්වේ ආර්යා ළමා රෝහලින් ආරම්භ කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද එහි සත්‍යතාවක් නොමැති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ අතර පාසල් දරුවන්ට එන්නත ලබා දීම සඳහා වන නිර්දේශයන් ලබන 17 වෙනිදා ජනාධිපති කාර්යසාධක බලකයාට ලබා දිමට තීරණය වී තිබියදී මෙසේ දිනවකවානු තීරණය කරන්නේ කෙසේද යන්න පිලිබඳ අප කළ විමසුමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පැවසුවේ ඔවුන් ප්‍රශ්න කර සිටින්නේත් එයම බවය.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වාගෙන් විමසු විට ඇය සඳහන් කළේ ද දරුවන්ට එන්නත් ලබා දිම සම්බන්ධයෙන් එන්නත් කමිටුව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙක් කිසිවක් කීමට නොහැකි බවත්ය.
පාසල් ළමුන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විවිධ මත පල කරන බැවින් එහි විදේශීය පරික්ෂණ වාර්තාවන් මනාව සලකා බලා පුලුල්ව සාකච්ඡා කර අනතුරුව තීරණයකට එළඹිය යුතු බවද ඇය සඳහන් කරයි.
කෙසේ නමුත් පාසල් ළමුන්ට එන්නත් දීමට තීරණය කළහොත් විශේෂඥ වෛද්‍යවරුන් සහ ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මගින් එය අධීක්ෂණය කළ යුතුබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය වී තිබේ.