සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන විදේශ ඇමති ලංකාව එක්ක ගිවිසුම් 4ක් අත්සන් තබයි!

by Lanka Sara Editor
ජනවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 4ක් අත්සන් තබා තිබේ.

ඒ මෙරට නිල සංචාරයක නිරත චීනයේ මන්ත්‍රණ සභික සහ විදේශ කටයුතු අමාත්‍ය වොංග් යි මහතා සමඟ ඊයේ (9) දින අරලියගහ මන්දිරයේ දී පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ඉදිරියේ පහත සඳහන් ගිවිසුම්වලට අත්සන් තැබූහ.

ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම, කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා වන සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය, වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ සඳහා වන තාක්ෂණික සහයෝගිතාවට අදාළ ව්‍යාපෘතිය භාර දීමේ සහතිකය යන ගිවිසුම්වලට මෙහිදී අත්සන් තබා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාකච්ඡාව අතරතුර දී, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා උණුසුම් සහ විශිෂ්ඨ සබඳතාව මෙන්ම බහුවිධ හවුල්කාරිත්වයේ ස්වභාවය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය ආරම්භක දේශනය මගින් අවධාරණය කළේ ය.

ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් සපිරීම සනිටුහන් කිරීම සඳහා වන සැමරුම් උළෙල ආරම්භ කිරීම සඳහා විදේශ අමාත්‍ය වොංග් යි මහතා කෙටි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම චීනය සිය උපරිම සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දුන් බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය පීරිස් මහතා සඳහන් කළේ ය.

මෙවැනි පසුබිමක් තුළ, එන්නත් මාත්‍රා මිලියන 3ක් පරිත්‍යාග කිරීම ඇතුළුව, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා චීනය සිය කැමැත්තෙන් පිරිනැමූ ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා විදේශ අමාත්‍ය වොංග් යි මහතා වෙත සිය අවංක ස්තුතිය සහ ගැඹුරු ප්‍රශංසාව පළ කළේ ය.

එපමණක් නොව, රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරුවක් සිදු කිරීම සඳහා පහසුකම් සලසමින් චීනය ලබා දුන් කාලෝචිත සහය රටේ මුදල් සංචිත ඉහළ නැංවීමට ඉවහල් වී ඇත.

මෙමගින් දෙරට අතර පවතින මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇත.

වර්තමානයේ දී ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන සඳහා තවදුරටත් සහය ලබා දීම, කොළඹ වරාය නගරයට සහ හම්බන්තොට කර්මාන්ත කලාපයට චීනයෙන් ආයෝජන ගෙන්වා ගැනීම, චීනයෙන් ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීම සහ සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන්ම දෙරට අතර බුදු දහම සම්බන්ධයෙන් පවත්නා සබදතා වර්ධනය කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන අනෙකුත් කරුණු ද මෙම ද්විපාර්ශ්වික හමුවේ දී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

චීනයේ මන්ත්‍රණ සභික සහ විදේශ අමාත්‍ය වොංග් යි මහතා සිය ශ්‍රී ලාංකික මිත්‍ර පාර්ශ්වය පළ කළ අදහස්වලට උණුසුම් ලෙස ප්‍රතිචාර දැක්වූ අතර, චීනය ශ්‍රී ලංකාව අචල බැඳීමක් සහිත මිතුරෙකු ලෙස සලකන බවද සඳහන් කළේ ය.

තවද, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුම නිමිත්තෙන් පසුගිය වසරේ විශේෂ සමරු කාසියක් නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව වෙත සිය ස්තුතිය පළ කළේ ය.

1952 වර්ෂයේ දී අත්සන් තබන ලද රබර්-සහල් ගිවිසුම දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් වශයෙන් ඔහු අගය කළේ ය.

වසර ගණනාවක් පුරා විවිධ ජාත්‍යන්තර සංසදවල දී රටවල් දෙකම එකිනෙකාට ලබා දුන් ශක්තිමත් සහ ස්ථාවර සහයෝගය ද ඔහු අවධාරණය කළේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදින් පසු හිඟයක් නෑ…  ගෑස් පෝලිම් ඉවර වේවි! – ලිට්‍රෝ නිවේදනය කරයි

Next Post

තව සති 06කින් වරුවක් විදුලිය කපන්න වේවි…  පාඨලී පුරෝකථනය කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.