බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර සමාගමෙන් තවත් තර්ජනයක් – එක්සත් ජාතීන්ටත් පැමිණිලි කරන බව කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර ශ්‍රි ලංකාවට සැපයූ බවට වන චෝදනාවෙන් තම සමාගම නිදහස් කිරීමට ශ්‍රි ලංකාවේ බලධාරීන් කටයුතු නොකළහොත් ශ්‍රි ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට පැමිණිලි කරන බවට ක්වින්ඩාවෝ සී වින්ග් බයොටෙක් සමාගම ප්‍රකාශ කරයි. ඩේලිමිරර් පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇති, මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින චීන පොහොර සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී සහ නියොජ්‍ය සාමන්‍යාධිකාරී ඇනා සොන්ග් මහත්මිය පවසන්නේ තම සමාගම ව්‍යාධිජනක පොහොර සැපයූ බවට වන චෝදනාවෙන් නිදහස් කර ගැනීමට කළ හැකි සැම දෙයක්ම ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමූහය විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ ඉතාලිය ඇතුළු රටවල් 56 කට වැඩි ගණනකට සපයන බවයි.

ඇනා සොන්ග් තම සමාගමට ටෙන්ඩරය හිමිවූ ආකාරය පැහැදිලි කරන්නේ මෙසේය.

“ජුනි මස අග වන විට ශ්‍රී ලංකාව විසින් කාබනික පොහොර සැපයීම සඳහා ටෙන්ඩරයක් කැඳවූවා. ඉන් පසුව ශ්‍රී ලංකා රජයෙන් කාබනික පොහොර සපයන්නෙකු නිර්දේශ කිරීම සඳහා කොළඹ චීන තානාපති කාර්යාලය අමතා තිබෙනවා. චීන තානාපති කාර්යාලය, ක්වින්ඩාවො සීවින් බයොටෙක් ඇතුළු සුදුසුකම් ලත් සැපයුම්කරුවන් 24 දෙනෙකු නිර්දේශ කොට චීනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.”

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්වින්ඩාවෝ සීවින් සඳහා දේශීය නියෝජිතයෙකු ද නිර්දේශ කළ බවත් ජූලි 28 වන දින සමාගම ටෙන්ඩරය සඳහා ලංසු ලේඛන ඉදිරිපත් කළ බවත් සොන්ග් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් චීනයේ සීවින් ඇතුළු ලොව පුරා සමාගම් 5ක් කෙටි ලැයිස්තුගත කර ඇති අතර, ජූලි 23 වන දින, සමාගම විසින් එහි පොහොර ග්‍රෑම් 500ක් කොළඹ දේශීය ගැනුම්කරු වෙත පරීක්ෂා කිරීම සහ තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අතර ජූලි අග වන විට, ඔවුන්ට සාම්පලය ලැබුණු බව තහවුරු කර ඇති අතර අගෝස්තු 11 වන දින, ක්වින්ඩාවෝ සීවින් හට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

“ජාත්‍යන්තර වෙළෙඳ භාවිතයට අනුව ගැනුම්කරු විසින් සාම්පලය තහවුරු කර එය පිළිගත් පසුවයි ටෙන්ඩරය ප්‍රදානය කරන්නේ. ඒ අනුව ඔක්තෝබර් 26 වන දින, අපගේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් සැපයීමට ක්වින්ඩාවෝ සීවින් සමාගම ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් සමඟ ගිවිසුමක් අත්සන් කළා. ඒ නැව්ගත කිරීම් හතරක් ලෙස ශ්‍රි ලංකාවට සැපයීමට.”

ඒ අනුව අප පළමු නැව්ගත කිරීමේ කොටසක් ලෙස කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සකස් කර කොළඹ වරායේ තදාසන්න ප්‍රදේශයේ අද දක්වා නැව්ගත කර ඇති ‘හිපෝ ස්පිරිට්’ නෞකාවට යවා ඇත.

එම පොහොර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ගැනුම්කරුවන් අගෝස්තු මාසයේදී තවත් සාම්පල ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත්, තවත් කාබනික පොහොර කිලෝග්‍රෑම් 10 ක් වහාම එවූ බවත් සොන්ග් පවසයි. ඔවුන්ගේ නියැදිය ප්‍රතික්ෂේප වූ බව ඔවුන්ගේ සමාගමට කිසිවිටෙක දන්වා නැති බව සොන්ග් චෝදනා කළේය.

“අපගේ සමාගම වසර 20කට වැඩි කාලයක සිට කාබනික පොහොර කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා අපි අපේ හොඳ තත්ත්වයේ සහ සම්පූර්ණ සහතික පද්ධතිය සමඟ ගියා. අවශ්‍ය කරන සියලුම සහතික ශ්‍රී ලංකා පාර්ශ්වයට ඉදිරිපත් කළා.

කෙසේ වුවත් අපට විශාල පොහොර ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ සැපයීමට කටයුතු කරන්නට සිදුවුණා. කාලය කෙටි වූ අතර අවශ්‍යතාවය වැඩි වුණා. එසේවුවද අපි සියලු ක්‍රියා පටිපාටි සම්පූර්ණ කොට ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් අත්සන් කළා.”

ඇනා සොන්ග් ඩේලි මිරර් පුවත්පතට පවසන්නේ සැප්තැම්බර් මස මුලදී, ශ්‍රී ලංකාවේ ගැනුම්කරු පොහොර සමාගම වෙත විද්‍යුත් තැපෑලක් යවා, ඔවුන්ගේ පොහොර හානිකර බැක්ටීරියා අඩංගු බැවින් එය ප්‍රතික්ෂේප කළ බවය.

“ඉන්පසු අපි ඔවුන් සමඟ සූම් තාක්ෂණය භාවිතයෙන් රැස්වීමක් පවත්වා කාබනික පොහොරවල ස්වභාවය කුමක්දැයි ඔවුන්ට පැහැදිලි කළා. තවද එහි බැක්ටීරියා අඩංගු නමුත් හානිකර ආකාරයේ නොවන බව. ඇත්ත වශයෙන්ම, චීන රජය ගොවීන් සහ නිෂ්පාදකයින් දිරිමත් කරන්නේ පසෙහි ව්‍යුහය වැඩිදියුණු කර පසට නයිට්‍රජන් මුදා හරින බැවින් පසට සහ බෝගවලට ඉතා හිතකර බැක්ටීරියා භාවිතා කරන ලෙසයි” සොං පැවසීය.

මෙම රැස්වීමෙන් පසුව, චීන සමාගම ඊමේල් මගින් පිළිතුරක් එවා ඇති අතර, එය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාව ඔවුන් ණයවර ලිපි විවෘත කළ බව තහවුරු කළේය.

“අපගේ නිෂ්පාදනය සඳහා කිසිසේත් කොම්පෝස්ට් භාවිතා කරන්නේ නෑ. නමුත් අපි වානිජ වාණිජ අමුද්‍රව්‍ය භාවිතා කරනවා. අපගේ නිෂ්පාදන ද අවම වශයෙන් මිනිත්තු 20 ක් සඳහා ඉතා ඉහළ උෂ්ණත්වවලදී විෂබීජහරණය කරනවා. එබැවින් ශ්‍රි ලංකාවේ ජාතික පැලෑටි නිරෝධායන සේවය විසින් චෝදනා කරන ලද හානිකර බැක්ටීරියා තිබුණද, ඒ සියල්ල මරා දමනු ඇති. එබැවින් අපගේ නිෂ්පාදනවල අර්වීනියා අඩංගු නොවන බව අපි අවධාරණය කරනවා. අපගේ වසර 20 තුළ අපි මෙම චෝදනාවලට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි.” ඇනා සොනාග් පවසයි.

අය තවදුරටත් පෙන්වා දෙන්නේ ජාතික පැලෑටි නිරෝධායන සේවය මෙම පොහොර සාම්පල පරීක්ෂා කළ කාමර උෂ්ණත්වය සහ මාධ්‍යය නිවැරදි නොවන බවයි. ඔවුන් කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් යටතේ අර්තාපල් පෙති මත මෙය පරීක්ෂා කළ බවත් එය පරීකෂා කළ යුතු වන්නේ සෙල්සියස් අංශක 25ක උෂ්ණත්වයකින් යුතුව ජීවී පැලෑටි මත බවත් ඇනා සොනාග් පවසයි.

මෙලෙස වැරදි පසුබිමක් මත සිදු කරන ලද පරීක්ෂණයක් මත තම නිෂ්පාදන ව්‍යාධිජනක අඩංගු බවට ප්‍රකාශ කිරීම වැරදි බවත් එයින් සමාගමට ඇති වූ අපකීර්තිය නිවැරදි කිරීමට කටයුතු නොකළහොත් තම සමාගම ශ්‍රි ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හමුවේ පැමිණිලි කිරීම සහ සමාගම් කීර්තිය වෙනුවෙන් තවත් කළ හැකි සියල්ල ඉදිරියට සිදු කරන බවටත් ප්‍රකාශ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ ජාතික ජනතා පෙරමුණ උතුරු නැගෙනහිර මහවිරු සතියක් ප්‍රකාශ කරයි!

Next Post

චීන කුණු පොහොර නගරය සමග ලෝක උරුම මහනුවර “ඓතිහාසික සහයොගීතා ගිවිසුම“ අත්සන් කරයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.