සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය අනුමත කිරීම සඳහා ගත් තීරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග වූ සාකච්ඡාව බලපෑමක් වූ බවට කරන ප්‍රකාශ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.
ඩේලි මිරර් වාර්තා කරන පරිදි එම පුවත්පත විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (EUL) නිමකිරීමට සාමාන්‍යයෙන් මාස දෙක තුනක කාලයක් ගත වන බවයි. ප්‍රමිතිය ඇගයීම් සහ පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන අතර ඒ සඳහා වැඩි කාලයක් ගතවන බවද ඔවුන් පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීන සිනොෆාර්ම් එන්නත අනුමත කිරීම සඳහා වන ගෞරවය ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම එන්නත අනුමත කර ඇති බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක ඊයේ ප්‍රකාශ කර තිබුණි.