බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සනත් නිශාන්තලාගේ හොර වැලි ලොරිය නිදහස් නොකළ වෙන්නප්පුව ඕ.අයි.සී විසිවෙයි…

by editor
මැයි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් වැලි ලොරියක් මුදා හැරින්නැයි රාජ්‍ය සනත් නිශාන්ත විසින් දෙන ලද නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ධර්මසිරි වීරසිංහ  කොස්වත්ත පොලිස් ස්ථානයට සාමාන්‍ය රාජකාරි කටයුතු සදහා මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

වැලි ලොරිය රාජ්‍ය ඇමතිවරයාගේ සමීපතයෙකුට අයත් එකක් බව කියයි. වැඩ බලන ස්ථානාධිපතිවරයා විසින් වැලි ලොරිය මුදා නොහැරීම හේතුවෙන් රාජ්‍ය ඇමතිවරයා ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයෙකුට ඒ සම්බන්ධයෙන් සඳහන්කර සිය ගෝලයාව මුදා ගැනීමටද උත්සහයක නිරතව ඇත.

ඒ අනුව එම පොලිස් අධිකාරීවරයා විසින් වැඩ බලන පොලිස් ස්ථානාධිපති ධර්මසිරිට දුරකතනයෙන් ඇමතුමක් දෙමින් වැලි ලොරිය මුදා හරින ලෙස දැනුම් දීමක් කර ඇති බව සඳහන්ය. ඊට ධර්මසිරිගේ පිළිතුර වී ඇත්තේ වැලි ලොරිය සහ රියදුරු අත්අඩංගුවට ගැනීමේ සටහන් තබා අවසානයේ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මුදා හරින බවට පොලිස් පොතේ සටහන් කරන බවය. ඊට පොලිස් අධිකාරීවරයා කලබලවී දුරකතනය තබා තිබෙන බවත් දේශපාලන සහ පොලිස් ලොක්කන්ගේ බලපෑම්වලට නතු නොවී ධර්මසිරි විසින් නීතිය අකුරට ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කලේය.

ධර්මසිරි සමග උරණ වූ  රාජ්‍ය ඇමතිවරයා ධර්මසිරිට වෙන්ප්පුවේ තවදුරටත් රැදී සිටින්නට ඉඩ නොදෙන බව පවසා ඇති බවත් ඒ කී ආකාරයටම ධර්මසිරි හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බවත් පොලිස් තොරතුරු සදහන් කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඒත් එක්කම ධර්මසිරිට ඊළග ස්ථාන මාරුවීම ලැබී ඇත්තේ කොස්වත්ත පොලිස් ස්ථානයටය. කොස්වත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධර්මසිරිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිලධාරියෙක් බවත් සාමාන්‍ය රාජකාරි සඳහා ඔහුව යොදවා ඇත්තේ ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරියෙක් යටතේ බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් හෙළිපෙහෙලිකර ඉස්සන් කොටු සකස් කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ සහෝදයාට චෝදනා එල්ලවූ අතර එම අවස්ථාවේදීද රාජ්‍ය ඇමතිවරයා විසින් පොලීසියට බලපෑම් කළ බව සදහන් විය.

ධර්මසිරිගේ ස්ථාන මාරුවීම සාධාරනීකරණය කරමින් දේශපාලනඥයන් පිනවන පොලිස් ලොක්කන් පවසන්නේ වෙන්නප්පුවට ස්ථිර ස්ථානාධිපතිවරයෙක් පත්කර ඇති බැවින් ධර්මසිරිව මාරුකළ බවය.

වෙන්නප්පුවට පත්කර ඇත්තේ දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාවය. වෙන්නප්පුවේ පොලිස් ස්ථානාධිපති ලෙස ස්ථීර වශයෙන් පත්කිරීමට යෝජනා වී පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන අංශය නම්කර සිටියේ ධර්මසිරිවය. එහෙත් හිටි හැටියේම වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති දංකොටුවට ස්ථාන මාරුවීම් ලැබීම පිටුපසද සිටින්නේ රාජ්‍ය ඇමතිවරයා බව පොලිස් තොරතුරු සඳහන් කරයි.

කොස්වත්ත පොලිස් බල ප්‍රෙද්ශයේ අපරාධ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එහි අපරාධ අඩු කිරීමේ කටයුත්ත ධර්මසිරිට පවරා ඇති බව ද එම ස්ථාන මාරුවීම සාධාරණය කරමින් හලාවත පොලිස් ලොක්කෝ පවසති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංචරණ සීමා ක්‍රියාත්මක වියයුතු ආකාරය ගැන උපදෙස් අද දිනය තුළ

Next Post

චීන එන්නතට අනුමැතිය දුන්නේ අපේ ජනපති ඉල්ලූ නිසා නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.