සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරපුරේ බැංකු කඩන කල්ලිය යළිත් වැඩ පටන්ගෙන

by Lanka Sara Editor
මැයි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බැංකු සහ මූල්‍ය ආයතනවල දොරගුළු කඩා රාත්‍රී කාලයේ ඊට ඇතුළු වී සේප්පු කපා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගන්නා කල්ලිය නැවතත් අනුරාධපුරයේ වැඩ ආරම්භකර තිබේ.

මිහින්තලේ පිහිටි ලංකා බැංකු ශාඛාවට ඊයේ රාත්‍රියේ ඇතුළුවී සේප්පුව කැපීමට එම කල්ලිය සූදානම් වී ඇතත් හදිසියේම බැංකුවේ ආරක්ෂක සීනුව නාදවීම හේතුවෙන් ඔවුන් පළාගොස් ඇත.

මෑතකදී අනුරාධපුර මාකට්ටුව අසල පිහිටි ලංකා බැංකු ශාඛාවටද ෆෑන් ලයිට් එක ගලවා ඒ තුළින් ඇතුළු වූ මෙම කල්ලිය එහි සේප්පුව කැපීමට ද උත්සහ ගෙන තිබුණි. අසල නිවසක පුද්ගලයෙකු ඒ ගැන විපරම් කිරීම හේතුවෙන් ඔවුන් පළාගොස් තිබේ. එම බැංකු ශාඛාවේ සේප්පුව බිදීමට ඔවුන් කටයුතුකර තිබුණේ දීර්ඝ සති අන්තයකදීය.

බැංකුවලට සහ මූල්‍යායතනවලට ඇතුළු වී සේප්පු කපා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගන්නා කල්ලිය මේ සදහා තෝරාගන්නේ සති අන්ත දිනයන්ය. දින කිහිපයක් බැංකුව තුළ රැදෙමින් සේප්පුව කැපීමට සිදුවන බැවින් එසේ දීර්ඝ නිවාඩු ඒ සදහා යොදා ගනු ලබයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවන් තත්වයක් හමුවේ මිහින්තලය බැංකුව සති අන්ත නිවාඩුවක් නොමැති දිනක රාත්‍රියේ බිදීමට උත්සාහ දැරුවේ ඇයිදැයි පොලීසිය සොයා බැලීමකදී පෙනී ගොස් ඇත්තේ පෙර දින බැංකු ශාඛාවේ සේවකයෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් අද දින සිට බැංකුව දින කිහිපයකට වසා දැමීමට සැළසුම්කර තිබුණු බවකි. ඒ අනුව පැහැදිලි වී ඇත්තේ බැංකුව ඇතුලෙන්ම මෙම කල්ලියට තොරතුරු යන බවකි.

මේ ආකාරයට බැංකු තුළට රිංගා ඔක්සිජන් ලාම්පු මගින් සේප්පු කපා මුදල් සහ රන් ආභරණ සොරකමක් මුලින්ම සිදුවන්නේ 2001 වසරේදී අනුරාධපුර මහජන බැංකුව බිදීමෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන සොරාගත් මුදල්වලින් කොටසක්ද සොයා ගත්තේය.

අනතුරුව විටෙන් විට අනුරාධපුරයේ බැංකු සහ මූල්‍ය ආයතන ඒ අකාරයට සොරුන්ගේ ග්‍රහනයට ලක්විය. 2015 ත් 2018 ත් අතර කාලය තුළ අනුරාධපුරයේ එල්.බී. ෆිනෑන්ස් ආයතනය ඇතුළු මූල්‍ය ආයතන කිහිපයක්ම එකවරම මේ ආකාරයෙට සොරුන්ගේ ග්‍රහනයට නතුවිය. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර 2019 වසරේ තලාවේ පිහිටි රාජ්‍ය බැංකුවකටද සොරුන් ඇතුළුවී මේ ආකාරයටම සේප්පු කපා මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන තිබුණි. එප්පාවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම සොරකමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. එහෙත් මෙතෙක් මෙම බැංකු සොරකමට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන එන්නතට අනුමැතිය දුන්නේ අපේ ජනපති ඉල්ලූ නිසා නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Next Post

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අර්බුදයක…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.