චීන රජය විසින් ඉකුත් අඟහරුවාදා නිකුත් කරන ලද නවතම දත්ත වර්තාවන්ට අනුව එරට වෙළෙඳ ගණුදෙනු ජූලි මාසයේදී සීඝ්රයෙන් පහළ ගොස් ඇති බවට අනාවරණය වේ. ඒ අනුව බීජිං පාලනය විසින් ඉකුත් කාලයේදී චීනයේ සංවර්ධන ඉලක්ක වර්ධනය කරගැනීමටත් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අපෙක්ෂා කර තිබිණි. එහිදී පසු කොවිඩ් ආර්ථීකය ශක්තමත් කිරීමට අපෙක්ෂා කළ සැලසුම් අපෙක්ෂිත මට්ටමින් අත්පත් කරගැනීමට අසමත් වී ඇති බවට මෙම දත්ත වලින් අනාවරණය වේ.
ඇමරිකා එක්සත් ජනපදයට පසුව , චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ඇති අතර, එහි අපනයනය ප්රමණය ඉකුත් මස තුනක කාලයේදී අඛණ්ඩව පහත වැටීමක් පෙන්නුම් කරයි. මේ අතර අඛන්ඩව මාස පහක කාලයකදී චීනයේ ආනයනද අඛණ්ඩව පහත ගොස් තිබේ.
ඒ අනුව මෙම තත්ත්වය චීනයේ නීෂ්පාදනයන් සඳහා ගෝලීය වශයෙන් පවතන ඉල්ලුම පහළ යාමක් ලෙසටද පෙන්වා දීමට හැකියාව පවතී. එසේම චීනයේ ආනයන පහළ යාම එරට ආර්ථියේ පවතන ඉල්ලුමද පහළයාමක් ලෙසටද ආර්ථ දැක්වීමට හැකිවේ.
චීනයේ දේශීය ඉල්ලුම පහළ යාමට එරට දේපල වෙළාදම් අංශයේ සිදුවූ දරුණු කඩා වැටීමද එක් හේතුවක් වී ඇත. එහිදී චීනය ජනාතව විසින් විශාල වශයෙන් දේපල වෙළදාම් ක්ෂේත්රෙය් අයෝජනය කර තිබුණද එම ක්ෂේත්රය කඩා වැටීමත් සමඟ ජනතාවගේ ආර්ථිකය තත්ත්වය කඩා වැටීමකට ලක්වයි. එහිදී ජනතාවගේ ක්රය ශක්තිය පහළයාම හේතුවෙන් මෙලෙස දේශීය ඉල්ලුමට බලපැමක් එල්ලවී ඇති බවටද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.