අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනෙන් ඇවිත් යයි – ඒත් අවශ්‍ය පණිවිඩය නොඑයි!

by editor
ජූලි 26, 2023 - Updated on අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස කළ පළමු ඉන්දිය සංචාරය බොහෝ දෙනාගේ ඇස ගැටුණු එකක් විය. දැවන්ත විරෝධයක් හමුවේ තනතුර අතහැර ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසුව ඇති වු රික්තය පිරවූ රනිල් විත්‍රමසිංහ ගේ පදවි ප්‍රාප්තියෙන් වසරක් ලබන මොහොතේදි එම සංචාරය සිදුවිම පිළිබඳවද බොහෝ දෙනා කතා කළහ.

කලාපය තුළ එකිනෙකා අං පටළවා ගන්නා ස්වරූපයේ භූ දේශපාලනික තරගයක සිටින චීනය මේ සංචාර දෙස වඩාත් විමසිල්ලෙන් බලන මුල් පෙළේ රට බවට සැකයක් නැත.
මේ නිසාමදෝ ජනාධිපති රනිල් ඉන්දියාවට පය තැබූ දවසේම චීන පාලනය දරන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා සභිකයකු වන යුවාන් ජියාජුන් ශ්‍රි ලංකාවේ සංචාරයකට පැමිණියේය.

ඔහු පැමිණ අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිමසක් ද හමුවූ අ රාජ්‍ය තාන්ත්‍රික කටයතු පිළිබව උනන්දු වන ලෝකය දුටුවේ ජනාදිපතිරයා ඉන්දියාටව් සංචාය යන අතරේ චිනයද ශ්‍රි ලංකාවට ඇති හිතවත්කම තහවුරු කරවන සංචාවක් මෙයින් නිකුත් කළ බවය.

කෙසේ වුවද මෙතෙක් චීනයෙන් ශ්‍රි ලංකාව මේ මොහොතේ මහත් ඉහළින් බලාපොරොත්තු වන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළට යම් ඉදිරිගාමී පියවරකට චීනය නෙපැමිණිමය.
මේ මූල්‍ය අසහනය පසුපස යන ශ්‍රි ලංකාවට ඒ සඳහා අවශ්‍ය පළමු සහතිකය ලබා දෙන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මුදල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ශ්‍රි ලංකාව මුහුණ දී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපෙක්ෂා කරන ණය සහනය ලබා ගැනීම සහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට කැමැත්ත පළ කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියේවා වෙත පසුගිය ජනවාරි මස 16 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.

එයින් දින කිහිපයක් ගත වන්නට පෙර ඉන්දිය විදේශ ලේකම් ආචාර්ය එස් ජෙයශංකර් ශ්‍රි ලකාවට පැමිණ ජනාධිපතිවරයාද හමුවී ඉන්දියාව මෙම අර්බුදය හමුවේ ක්‍රියා කරන ආකාරය පිළිබදව සහතිකය ලබා දුන්නා පමණක් නොව ජනාධිපතිවරයාට නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක් කිරීම සඳහා නිල ආරාධනයක්ද කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආචාර්ය ජෙයශංකර් ද ඉන්දීය විදේශ සේවා ඉතිහාසයේ විදේශ අමාත්‍ය ධුරයට පත් වූ ඉතා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසින් සැලකෙයි. දීර්ඝ කාලයක් විදේශ සේවයේ කටයුතු කොට විදේශ ලේකම්වරයා දක්වාම ඉහළට ගිය ජෙයශංකර් ට අගමැති මෝදි විදේශ අමාත්‍ය ධුරය පිරිනැමුවේය. පෙර අපර දෙදිග සමඟ ඉතා තියුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නඩත්තු කිරීමේ ක්‍රමෝපායක් සහ දැක්මක් සහිත මෙම විදේශ අමාත්‍යවරයා ඉන්දියාව කෙරෙහි හ්‍රි ලාංකික හදවත්වල විශ්වාසය තහවුරු කර ගැනීමට මෑත කාලීන ව ඉතා දක්ෂ ලෙස හැසිරුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන්නේය.

ඔහු මෙරටට පැමිණ විශේෂයෙන් ඉඟි කළේ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ඉන්දියාවේ වැඩි අවධානයක් යොමු කරවන බවයි. මේ වනවිටත් බලශක්තිය සම්බන්ධයෙන් අතිශය බරපතල අර්බුදයක සිටින ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාත තුළ ත්‍රිකුනාමලය ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියානු ආයෝජන ගෙන එන බවට පොරොන්දු විම විශේෂත්වයක් විය.

මේ පිළිබඳව සිය මතය පළ කළ නවදිල්ල්ලියේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පසුගියදා පවසා තිබුණේ ආචාර්ය ජෙයශංකර්ගේ සංචාරය ශ්‍රි ලංකාවත් ඉන්දයාවත් අතර පැවති සම්බන්ධතා අලුත් කැනකින් යළි පටන් ගැනීමකට සමාන බවය. විශේෂයෙන් පසුගිය වසරේ ශ්‍රි ලංකාව මුහුණ දුන් අමිහිරිතම අත්දැකීම් තුළ කිසිදු කොන්දේසියකින් තොරව ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් ලබා දිමත් රට දුවන්නට අවශ්‍ය මූලික තල්ලුව ලබා දීම එහිදී වඩාත් වැදගත් මෑත කාලීනව වඩාත් වැදගත් වූ කරුණක් වෙයි.

ශ්‍රි ලංකාවට ආසනන්තම රාජ්‍යය ලෙස මෙන්ම ආසියාකරයේ නැගි එන ආර්ථික යෝධයා ලෙස ශ්‍රි ලංකාවට ඉන්දියාව අර්බුදයෙන් මිරිකී සිටින ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යන ගමනේ පළමු පාලම ඉදිකරන්නා බව මිලින්ද මොරගොඩ ඉන්දිය මාධ්‍ය වෙත පවසා ඇත.

මේ පාලමේ අඩක් දුර ගෙවන්නට මේවනවිට සදානම්ය. එම පාලමේ තවත් කොටසක් ජපානයත් පැරිස් සමාජය නියෝජනය කරන රටවල් මෙන්ම බහු පාර්ශ්විය ණය ලබා දුන් ආයතන මේ වනවිට සිය එකඟතාවන්ට එලඹ ඇති සැටියක් පෙනී යයි.

එහෙත් මේ සෑම පාලම් කොටසක තවත් කොටසක් ජාත්‍යන්ර මූල්‍ය අරමුදල ආසන්නයට ගොස් නවතින තැනක් ඇත. ඒ චීනය විසින් සැදිය යුතු සැලකිය යුතු කොටසයි. මේ වනවිට ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති විශාලතම ණයකරුවා වන්නේ චීනයයි.

සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ චීනයට පවතින ණය ඩොලර් බිලියන 7.4ක් පමණ වන බවය. අද රටක් ලෙස ශ්‍රි ලංකාව ලොකුම අර්බුද නිර්මාණය කරගෙන ඇත්තේද චීනය විසින් ක්‍රියාත්මක කරන ලෙස එක් මාවතක් එක් තීරුවක් චීන ව්‍යාප්තවාද වැඩ සටහන හරහා ණයට ලබා දුන් සුදු අලි ව්‍යාපෘති නිසාය. කිසිදු ආර්ථික ඵලදායිතාවකින් තොරව චීන ණයවලින් ඇරඹුණු ව්‍යාපෘතිවල ණය අපට මුදල් ගෙවන්නට සිදුව තිබුණද එම ආයෝජනය ඵලදායීව යෙදුණු බව පිළිබඳව ඉදිරිපත් වන සාධක සාපෙකෂව අඩුය.

කෙසේ වුවද ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රි ලංකාවට පය තබන්නට දවසකට කලින් , ඊට දින කිහිපයකට පෙර ශ්‍රි ලංකාවට පැමිණ සිටි චීන නියෝජ්‍ය ඇමතිවරයකු ඇතුලු දූත පරිසක් දින කිහිපයක් මෙරට ගත කර පිටව ගියේය. ඔවුන් රටේ ප්‍රධාන පෙලේ පුරවැසියන් දෙතුන් දෙනාම හමුවීමට ක්‍රියා කළද මෙතෙක් කලක් චිනය දෙසින් බලාපොරොත්තුවෙන් හිඳින ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව පිළිතුර ඔවුන්ගෙන් ලැබුණේ නැත. චීන ජනාධිපති ෂී ජින් පින් ශ්‍රි ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලියුමක් ඔවුන් අත එවූ බව කියවුණද මේ ලියුමෙන් චීනය දන්වා තිබුණේ කුමක්ද යන්න දෙපාර්ශ්වයම එළියට දැම්මේ ද නැත. ඒ වෙනුවට ඒ දිනවල ප්‍රකාශ වුණේ චිනය පසුගිය සතියේදි ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව සිය ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ප්‍රකාශ කරන බව සඳහන් වුවද ඉන්දියාවේ ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ප්‍රකාශ කිරීම චීනය යළිත් කල් තබා ඇති බවය.

ඒ වෙනුවට චීනයේ ප්‍රධාන ණය දෙන්නකු වන චීන ආනයන සහ අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රි ලංකාවට ලබා දී ඇති සිය ණය සඳහා ආපසු ගෙවීමේ වසර දෙකක සහන කාලයක් ලබා දීමය. එහෙත් සෙසු ණයකරුවන් මෙම ආපසු ගෙවීමේ සහන කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට සිය කැමැත්ත පළ කර ඇත.

මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව පිළිගත හැකි තීන්දුවකට පැමිණීමට හෝ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකිව නැත. චීනය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන විශාලතම කොටස් හිමියාය. එය වෙනම කතාවකි. එහෙත් චීනය මෙම අවස්ථාවේදීත් වෙහෙසෙන්නේ ඉන්දියාව සමඟ පවතින භූ දේශපාලනික හරඹය මත ශ්‍රි ලංකාව ඉත්තකු සේ පාවිච්චි කිරීමය.

චීනයට ගෝලීය ආර්ථික ආධිපත්‍යයක් පිළිබදව දැක්මක් ඇත. එය ඇමෙරිකාවටත් ඉන්දියාවටත් අඩු වැඩි වශයෙන් ඇත. මේ සෑම රටක්ම සිය නයාය පත්‍රය හෝ ගමන් සිතියම තුළ ශ්‍රි ලංකාව සලකන්නේ තීරණාත්මක මර්මස්ථානයක් ලෙසින්ය. ඒ අවස්ථාව අනිසි ලෙස උපයෝගී කර ගත් චීනයත් චීනයේ මේ දැකම අනිසි ලෙස උපයෝගී කරගත් ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පරපම්පරාව ප්‍රමුඛ දේශපාලනයත් අද ශ්‍රි ලංකාව යම් අවදානම් තැනකට තල්ලු කර ඇත. මේ සංදර්භය තුළ වඩාත් පීඩනයට පත්ව ඇත්තේ දූපත් වාසී ශ්‍රි ලාංකිකයන්ය. 75 වසරක නිදහස් සැමරුම ආසන්නය වනවිට රටේ අභිමානය පොළොවට පස්වන මට්ටමට අද ශ්‍රි ලංකාව අසරණ කර ඇත.

චීනය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විය යුතු දේ හොඳින්ම දනී.එහෙත් ඒ යුතකුකම ඉටු කිරීමට අර අදින්නේ ඔවුන්ගේ සැඟවුණු භූ දේශපාලනික ක්‍රියාදාමයේ සැඟවුනු කොටසක් මේ අසරණ භාවය මත්තේ ඉටු කරවා ගැනීමට බව ට අපට සාධාරණ සැකයක් මතුවේ. ජනාධිපතිවරයාට චීන ජනාධිපතිගෙන් ලද ලිපිය වැරදිලාවත් එලියට නොඑන්නේද මේ නිසා බව අපට නිරායාසයෙන් සිතට එන කරුණකි

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පතිනිය අත් අඩංගුවට ගන්න සොයයි… ඇය ආ ගිය අතක් නෑ!

Next Post

චීනයට නව මහ බැංකු අධිපතිවරයෙක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.