සතුරු යුද ගුවන් යානා හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතින නවතම එස්-400 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් ඉන්දියාව විසින් චින දේශ සීමා අසන්නයේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී මෙම නව ගුවන් ආරක්ෂණ පද්ධිතය ස්ථාන ගත කිරීම අවසන් කිරීමට හැකියාව පවතින බවද ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙම ගුවන් ආරක්ෂණ පද්ධිය රුසියාවේ නිෂ්පාදනය කරනු ලබන අතර එම ආරක්ෂණ පද්ධිතය මේවන විට එරට සිට ඉන්දියාවට රැගෙන එ්මට සියලුම කටයුතු සූදානම් කර ඇති බවද ඉන්දීය ආරක්ෂක අංශය අනාවරණය කරයි.
චීනය විසින් පසුගිය කාලයේදී ඉන්දීය දේශ සීමාවට ආසන්න කළාපයේ සිය ක්රියාකාරකම් ඉහළ දැමීමක් නිරීක්ෂණය විය. එහිදී චීන ප්රහාරක යානා සහ බෝම්බ හෙලීමට යොදා ගන්නා ගුවන් යානාද දේශ සීමා ආසන්නයේ පියාසර කිරීම් නීරීක්ෂණය විය.
පසුගිය වසරේදී ඉන්දියාව ගෙන එන ලද එස් – 400 ගුවන් ආරක්ෂණ පද්ධතිය මේවන විට පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ ස්ථාපිත කර ඇති අතර එම පද්ධිතිය මගින් ඉන්දිය දේශ සීමාවට සුවිශේෂි ආරක්ෂාවක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවට වාර්තාවේ.
ඉකුත් ජුනි 28 වැනිදාද චීන ප්රහාරක යානා ඉන්දියාවේ ලඩක් ප්රදේශය ඉහළින් පියාරස කර ඇති අතර එය ඉන්දීය භට පිරිස් වලට ආසන්නයේ ගමන් කර ඇති බවටද වාර්තා වේ.
මෙහිදී වහාම ක්රියාත්මක වූ ඉන්දීය ගුවන් හමුදාව සිය ප්රහාරක යානාද ගුවන් ගත කර සිය ගුවන් ශක්තිය විදහා දැක්වීමටත් තම ගුවන් කාලාපයේ ආරක්ෂාව කැපවී සිටින බවටද තහවුරු කර ඇත.