ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා චීනය සිය අකමැත්ත ප්‍රකාශ කිරීම මෙරට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩ පිළිවෙළම අඩාල කළ හැකි බවට විකල්ප ප්‍රපත්ති කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාරය පාක්‍යසෝති සර්වනමුත්තු පෙන්වා දෙයි.
ආචාර්යවරයා මේ බව පෙන්වා දෙනු ලැබුවේ පසුගියා නුවර පැවති විශේෂ වැඩසටහනකට එක්වූ අවස්ථාවේදීය. එහිදී ආචාර්ය සර්වනමුත්තු ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරටට ණය ලබාදී ඇති සියලුම රටවල් ඊට එකඟතාව පළකලයුතු බවයි.
එහිදී ශ්‍රී ලංකාවට විදේශ ණය ලබාදී ඇති ජපානය, ඉන්දියාව සහ යුරෝපා කොමිසම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුවත් චීනය ඊට එකඟ නොවීම සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනම ආඩල කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙනු ලැබීය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය නොසතුටින් පසුවන බවද එහිදී ශ්‍රී ලංකාවට තවත් ණය ලබාදීමට චීනය එකවූ බවටද හෙතෙම පෙන්වා දී තිබිණි.
චීනය විසින් මෙරටට ලබා දී ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුවහෙත් ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අමුදල මගින් ඇමරිකානු ඩොලර් බිලිනය 2.9ක මූල්‍ය පහසුකම ලබාදීමට ඉඩ පවතින පවද ආචාරයවරයා සඳහන් කළේය.
එහෙත් යම් ආකාරයකි චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එක නොවීමක් සිදුවුවහොත් මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වලින් අනතුරුව ගන්නා තීරණය මත මෙම මූල්‍ය පසුකම ලබාදීමට ඉඩ පවතින බවද ආචර්ය සර්වනමුත්තු පෙන්වා දුන්නේය.
මෙරට මුහුණ දී ඇති තත්ත්වයට ජනතාව දේශපාලඥයින්ට බැනවැදීමක් නොකළයුතු බවත් ජනතාව විසින් එම පුද්ගලයින් ඡන්දයෙන් තෝරා පත්කර ගත් පිරිස බවද හෙතෙම පැවසීය. ඒ අනුව ජනතාව මතද වගකීමක් පවතින බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.







