ලලිත් චාමින්ද –
අලිමිනිස් ගැටුම හේතුවෙන් ඉකුත් වර්ෂ පහක කාලය තුලදි (2016 -2020) මිනිසුන් 989 දෙනෙකු හා ඇලි ඇතුන් 3646 දෙනෙකු මියගොස් ඇති බැව් අනාවරණය වි ඇත.
ජාතික විගණන කාර්යාලය මගින් සිවිල් ආරක්ෂක දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව සිදුකරනු ලැබු වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වේ.
එමෙන්ම වන අලින් පලවාහැරිම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 427කට අධික වැටුප් හා දිමනා පිරිවැයක් දරා සිවිල් ආරක්ෂක භටයින් 845 දෙනෙකු යොදවා ගෙන තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එහෙත් වන අලින් පලවා හැරිම සඳහා යොදවා ගනු ලැබු භටයින්ට ඒ සම්බන්දයෙන් විධිමත් පුහුණුවක් ලබාදී නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම මෙම සෙබළුන්හට, නිසි පරිදි අවශ්‍ය උපකරණ, ආයුධ හා අලිවෙඩි, ප්‍රමාණවත් පරිදි සපයා නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වර්ෂ 10ක කාලය තුළදි මෙරට අලි වැටවල් ඉදිකිරිම සඳහා දරා ඇති මුළු ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1.64කි.
අලිවැටවල් නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් 3,300ක් යොදවා ඇත. ඉකුත් වර්ෂ 05 ක කාලය තුළදි අලිවැටවල් නඩත්තු කිරීම සඳහා නිලධාරින්ගේ වැටුප් ඇතුළුව දරා ඇති මුළු වියදම රුපියල් බිලියන 1.16කි.