චීනය විසින් ටිබටයේ බෞද්ධ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ මෙහෙයුමක නිරතවී සටින බව ටිබෙට් බෞද්ධ හිමි නමක් වන ලින් රින්පොෂේ හිමියන් පවසයි.
රින්පොෂේ හිමියන් දලයි ලාමාතුමන්ගේ ගුරුවරයාවූ හය වන ලින් රිනිපොෂේ හිමිනයන්ගේ අනුප්‍රාප්තිකයකයාද වන අතර උන්වහන්සේ විසින් මෙරටදී පැවතී මාධ්‍ය හමුවකදී මේබව ප්‍රථම වරට අනාවරණය කරනු ලැබීය.
එම හිමියන් පේනවාදෙන ආකාරයට චීනය විසින් ටිබෙට් වැසියන්ට හා සංඝයා වහන්සේට “ඉතාම අමානුෂීය සහ තිරිසනුන්ට සලකන ආකාරයෙන් ” වසර ගණනාවක සිට කටයුතු කරමින් සිටියි.
චීනය විසින් ටිබටයේ බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ අනන්‍යතාව මෙන්ම දලයි ලාමා හිමියන් වැඩසිටි ස්ථානයද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇති බවත් බෞද්ධ ආරාම සහ පෞරාණික බෞද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් විනාශ කර ඇති බවද උන්වහන්සේ පෙන්වාදෙයි.
“ටිබටේ පැවති බෞද්ධ ආරාම පන්දහසෙන් දැනට ඉතිරිව ඇත්තේ පහක් පමණයි. ඒවාත් ඉතාම අස්ථාවර තත්ත්වයකයි පවතින්නේ. මේ සියල්ලම චීනය විසින් ඉතාම අමානුෂික විදිහට විනාශ කර තිබෙනවා” යනුවෙන් හිමියන් පවසයි.
ඨීබෙටයේ ජීවත්වූ ගොවීන් ඇතුලු සිවිල් වැසියන් දහස් ගණනක් චීනය බලධාරීන් විසින් ඝාතනය කළා. ඒවගේම තවත් විශාල පිරිසක් සිරගෙවල් වල වගේම වෙනත් කර්මාන්ත ශාලාවල වගේම ඔවුන්ගේම දේපල වල සිරකරුවන් වෙලා ඉන්නවා. එම පිරිස ඉතාම කුසගින්නෙන් පෙළෙනවා ඇතැමුන් කුසගින්න නිසාම මියයනවා. මේ සිල්ලම සිදුකරන්නේ ටිබෙට් දේශයේ තිබෙන බෞද්ධ අනන්‍යතාව අතුගා දැමීමටයි.” යනුවෙන් එම හිමියන් වැඩිදුරටත් සඳහන් කරයි.