විසි එක්වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදය මුහුණදෙන විශාලතම ගෝලීය දේශපාලනික අභියෝගය වන්නේ චීනය බව ඇමරිකාවේ මධ්‍යම බුද්ධ ඒජනසිය හෙවත් සී.අයි.ඒ සංවිධානයේ අධ්‍යක්ෂක විලියම් බර්නස් පවසයි.
ඒසේම චීනයේ දිගුකාලීන නායකත්වයත් එරට දේශපාලනික ගමන්මගත් ඇමරිකා එක්සත් ජනපදයට විශාල අභියෝගයක් බවද බර්න්ස් විසින් පෙන්වා දී තිබේ.
එහිදී චීන ජනාධිපත ෂී ජින්පින් සහ ඔහුගේ පාලන තන්ත්‍රය සී.අයි.ඒ සංවිධානය සිය ඉතිහාසය පුරාවට මුහුණදුන් විශාලතම අභියෝගය බවද බර්න්ස් පවසා ඇත.
චීන අර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 15කට අධීක වන අතර රටවල් 120කට අධික සංඛ්‍යාවක් සමඟ වෙළෙඳ ගණුදෙනු සිදු කරයි. එසේම චීනය කෘතිම බුද්ධ තාක්ෂණයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන අතර එරට භාවිතා කරණ තාක්ෂණය ලොව ඉහළම මට්ටමක පවතී. මේ අතර 5ජී තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන්නේද චීන වන අතරම ඩ්‍රෝන සහ නවතම අන්තර්ජලා යෙදවුම්ද ඉතාම ඉහළ මටමක සිටියි.
චීනය මේවන විට අභ්‍යාවකාශ තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටින අතර රුසියාව සමඟ එකව විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටියි. ඒ අනුව ඉදරි දශක කිහිපයේදී චීනය අභ්‍යාවකාශ තාක්ෂණයේ සුවිශේෂි ප්‍රගතියක් අත්පත්කර ගැනීමට බොහෝ ඉඩකඩ ඇත.
එසේම ලොව නවීනතම යුධ තාක්ෂණයෙන්ද චීනය සන්නද්ධ වන අතර දැනට පස්වන යුගයේ සේවයේ යොදාගන්නා ප්‍රහාරක යානා සතුවන්නේ ඇමරිකාව සහ චීනය සතුව පමණකි. රුසියාවද මෙම තාක්ෂණය අත්පත් කරගෙන සිටියෙද චීනය මෙනන් ඉදිරියට පැමිණ නොමැත.
පසුගිය කාලය පුරාවටම චීනය සිය න්‍යෂ්ටික බලයද වර්ධනය කරගැනීම උත්සුක වූ අතරම ලොව විශාලතම නාවික හමුදාව සතුවන්නේද චීනයටයි.







