කොම්පෝස්ට් පොහොර සම්බන්ධව චීනය මැදිහත්වෙමින් රටට කරන බලපෑමට එරෙහිව චීන තානාපති කාර්යාලය වෙත මෙරට ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ වෘත්තිකයන් පිරිසක් නොකළ ලිඛිත ඍජු විරෝධය අද කෘෂිකර්ම ක්ෂේත්රයේ වෘත්තීය සංගම් ප්‍රකාශ කළහ.
රටේ නෛතික බලයට හා ස්වයිරීත්වයටත් හානි වන සේ කරන මේ සදාචාරාත්මක නොවන බලපෑම සම්බන්ධව විරෝධය පල කරමින් අද පෙරවරුවේ කෘෂිකර්ම ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියෝජිත පිරිසක් කොළඹ පිහිට චීන තානාපති කාර්යාලය වෙත සන්දේශයක් භාර දී තම විරෝධය දැක්වූහ. .
ඒ සමගම චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොරවල ක්ෂුද්රජීවීන් සිටින බවට තහවුරු කළ ජාතික ශාඛ නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයාට එන්තරවාසියක් එවීමට කටයුතුකිරීමට විරෝධය පාමින් ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ ක්ෂේත්‍ර කිහිපයක නිලධාරීන් අද දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිතර වෙමින් ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික, පර්යේෂණ, මෙහෙයුම් නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයෝ මෙම වර්ජනයට එක් වී සිටිති.







