තව දින 05කින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ පෙර පුහුණුවීම් කටයුතු සඳහා අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත් රාජපක්ෂ එක් වී සිටියේය.
දඹුල්ල කණ්ඩායම සමග ඔහු පෙර පුහුණු කටයුතුවල නිරත වී සිටින ආකාරය එම කණඩායමේ නිල ඡායාරූප මගින් ප්‍රකාශයට පත් කර තිබුණේය.
ජාත්‍යාන්තර විස්සයි 20 පිටියේ ප්‍රබලයින් රැසක් සහභාගීවන මෙම ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙත ලෝක අවධානය යොමු වී තිබේ.
මෙම පෙර පුහුණු තරගය සඳහා ජාත්‍යාන්තර ක්‍රිකට් තහනමකට ලක් වී ඇති නිරෝෂන් දික්වැල්ලත් සහභාගී වී සිටියේය.










