එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණය යෙදුන රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක ගේ අශ්ලීල අපහාසයට ලක්වීමෙන් අනතුරුව ඔහු ඉදිරියේදීම ප්‍රහාරයකට ලක් වූ එප්පාවල පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරී අශෝක අබේසිංහ අද (18) තමන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඔහු තමන්ට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට ඉල්ලීමක් කර ඇත.
තමන්ට කිසිම සාධාරණ සාක්ෂිවලින් තොරව හොරෙක් යැයි නින්දා කළ ඇමතිවරයා එතන හැසිරුනේ යම් පිරිසක් විසින් ගෙනන ලද ඒක පාර්ශවික අදහස් මත පිහිටමින් බව ප්‍රකාශ කළ සැපයුම් නිලධාරියා මේ සියලුම වංචා දූෂණ යට ඉන්නේ තමන් නොව, සමාගමේ සභාපතිනිය බව කීවේය.
ඇයගේ වංචා දූෂණ වසා ගැනීම සඳහා ඇය මෙහෙයවූ පිරිසක් විසින් මේ කලකාරී තත්ත්වය ඇති කළ බව කී සැපයුම් නිලධාරියා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව කියා සිටියේය.







