මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා අද (28) පිළියන්දල පොලිසියට පැමිණියාය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පසුගිය 23 දා පිළියන්දල පොලිසියට කැඳවා තිබුණත් ඇය නීතිඥයෙක් මාර්ගයෙන් එදිනට පැමිණිය නොහැකි බව දන්වා සිටියාය.
ඇය චමුදිත සමරවික්‍රම සමග යූ ටියුබ් නාලිකාවල සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවලට සම්බන්ධ වූවාය. ඇතැම් සාකච්ඡාවලදී ඇය පිළිබඳව ද යම් විවේචනාත්මක කරුණු සාකච්ඡා වී ඇති බව ද කියැවිනි.
පොලිසියට පැමිණි පුෂ්පිකා පවසා ඇත්තේ තමන්ට කිසිදු ආකාරයක ප්‍රශ්නයක් චමුදිත සමරවික්‍රම සම්බන්ධව නැති බවත් ඒ ප්‍රහාරය කවුරු එල්ල කළාද තමන් නොදන්නා බවත්, ප්‍රකාශ කර තිබුණාය.
මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ කිසිදු විමර්ශනයකින් පහර දුන් පුද්ගලයකු පිළිබඳව පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.







