ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමට පෙර චීනය විසින් එරටින් ආනයන කළ බොරතෙල් ප්‍රමාණය ඉක්මවමින් පසුගිය කාලයේදී බොරතෙල් ආනයන කිරීමට චීනය කටයුතු කර ඇති බවට අනාවරණය වේ.
ඒ අනුව චීනය විසින් ඉරානයට පනවා තිබූ ඇමරිකානු ආර්ථික සම්බාධක ඉවත් කර තිබූ 2017 සමයේදී ආනයන කළ බොරොතල් තොග් අභිබවමින් පසුගිය මාස කිහිපයේදී බොරතෙල් ආනයන කර ඇති බවටද වාර්තාවේ.
ඉරණයේ න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් 2018 වර්ෂයේදී පවනු ලැබීය. ඒ අනුව එරටට බොරතෙල් අපනයන සහ ආර්ථික කටයුතු වලට විශාල බලපෑමක් එල්ලවිය.
එහෙත් මෙම තත්ත්වය යටතේ වුවද චීනය විසින් ජනවාරි මාසයේදී දිනකට බොරතෙල් බැරල් ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් ඉරණයෙන් මිලදීගෙන තිබේ. මෙම ප්‍රමාණය ඉරාණයට ආර්ථික සම්බාධන පැනවීමට පෙර 2017 දී දිනකට සැපයූ බොරතෙල් බැරල් හය ලක්ෂ විසි තුන් දහස අභිබවා යෑමක් බවද ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.
ඉරණය විසින් මේවන විට ඇමරිකා එක්සත් ජනපදය සමඟ සම්බාධක ඉවත් කරවා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා යම් ධානත්මක මට්ටමක පවතින බවටද වාර්වේ.
ඒ අනුව මෙම තත්ත්වය හමුවේ යම් අයුරකින් ඉරාණයට පනවා ඇති සම්බාධක ඉවත් කළහොත් ටෙහෙරාන් පාලනයට සිය පෙර ගැණුම්කරුවන්ට පෙර සැපයූ තරම් බොරතෙල් සැපයීමේ ගැටලුවක් මතු වනු ඇත.
එහිදී ඉන්දියාවට සහ යුරෝපයට යම් බලපෑමක් එල්ල විය හැකි බවත් මේවන විට රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවටද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.