දිනසේන රතුගමගේ –
උතුරු නැගෙනහිර ගොවියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය විසින් සංවිධනය කළ විරෝධතා මාලාව අද ( 18 ) එම ප්‍රදේශ වල ආරම්භ වූ අතර වවුනියාවේ විරෝධතාවය වවුනියාව කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුනි.
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාවය ආරම්භ වූ අතර ඊට සමගාමීව උතුරු නැගෙනහිර කෘෂිකර්ම මධ්‍යස්ථාන ඉදිරිපිට හා ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී විරෝධතා පැවැත්වුණි.
රජයේ පොහොර සහනාධාරය ලබා ගැනීම කාබනික පොහොර හිඟයට පිලියම් සැපයීම ඇතුලුව උතුරේ ගොවින්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්නවලට රජයෙන් විසඳුම් ඉල්ලා මෙම විරෝධතා මාලාව දෙමළ ජාතික සන්ධානය විසින් සංවිධානය කොට තිබුණි.