ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයට වී වගා කිරීමට ගොවිබිම් සූදානම් කර ඇති ගොවීන්ට වී ගොවිතැනින් ඈත්වන ලෙස ප්‍රදේශයේ ගොවි සංවිධානවලින් බලපෑම් එල්ල වන බව එම ප්‍රදේශවල ගොවීහු සඳහන් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ දන්වා එවා තිබේ.
රජය විසින් රසායනික පොහොර ලබා දෙනතුරු වී ගොවිතැන නොකළ යුතු බවත්, ගොවි සංවිධානවල උපදෙස් නොතකන ගොවින්ගෙන් රුපියල් 5000ක දඩ මුදලක් අය කරන බවත් දන්වා ඇතැයි ඒ ගොවීන් අමාත්‍යාංශයට දන්වා ඇතැයි කියැවේ.
මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ පී. රාමචන්ද්‍ර නැමැති ගොවියෙක් උපුටා දක්වන අමාත්‍යාංශ මාධ්‍ය අංශය කියා ඇත්තේ මෙවර වී ගොවිතැන් කර පාඩු විදින්න සිදු වුවහොත් ඒ පාඩුව රජය විසින් ගොවියාට ගෙවනවා නම් වගා කිරීම පිළිබඳව ගොවියන්ට ප්‍රශ්නයක් ඇති නොවන බවය.
රජය වන්දි ගෙවනවායැයි කී කතාව තවම ගොවි ජනතාව නොදන්නා බවත්, ඒ නිසා දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් හැම ගොවි සංවිධානයක්ම දැනුවත් කරන ලෙසත් ඔහු යෝජනා කර ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ ගොවිතැන පාඩු වුණොත් වන්දි ගෙවනවාට අතිරේකව ලැබෙන අස්වැන්න කිලෝව රුපියල් 70 බැගින් රජය මිලදී ගන්නා බවය.