විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය ජලනි ප්‍රේමදාස ගුවන් හමුදා ආචාර මධ්‍යයේ ඊයේ (10) පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළුවන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝව කරුණු වරදවා වටහා ගැනීමක් බව ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරියවන ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදා නිලධාරීන් විසින් දක්වන බව පෙනෙන තුවක්කුව සිරුරට සමාන්තරව සිරස් අතට ඔසවා කරන ආචාරය සාමාන්‍යයෙන් සිදු කරන්නේ ජාතික නායකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි ජනතනා නායකයින්ට වීම මේ ආන්දෝලනය ඇති වී තිබේ.

කෙසේ වෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ත ගීගනකේගෙන් මාධ්‍ය කළ විමසීමකදී කියා සිටියේ එම ගෞරවය පිරිනමනු ලැබුවේ ජලනි ප්‍රේමදාස සමඟ පැමිණි කණ්ඩායමේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතාට මිස වෙනත් කිසිවකුට නොවන බවය.
කෙසේ වෙතත් වීඩියෝව පුරාම දක්නට ලැබෙන්නේ එම කණ්ඩායමට ජලනි ප්‍රේමදාස නායකත්වය දුන් අකාරය ය. ජී.එල්. පීරිස් ඉතාම අසරණ ලෙස ඇය පසුපසින් දෑත් ඉනට තබාගෙන සිටින විට ජලනි ප්‍රේමදාසව හින්දු සම්ප්රදාය තුළ ඉතාම ඉහළ ගෞරවය වන සළුවක් පොරවා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කඳවුරට පිළි ගනු ලැබීම දක්නට ලැබිණි.
මෙම වීඩියෝව මුලින්ම ෆේස්බුක් හි උඩුගත කර ඇත්තේ එක්සත් ජනතා ශක්ති සංවිධානයේ උතුරු පළාත් ප්‍රධාන සංවිධායක උමාචන්ද්‍ර ප්‍රකාශ් විසිනි.
එම වීඩියෝව පහත දැක්වේ.







