ඕස්ට්‍රේලියාවට අයත් ගුවන් යානයකට ලේසර් අවි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන රජයෙන් ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් අදාල ලේසර් අවි ප්‍රහාර සම්බන්ධයෙන් සිය අප්‍රසාදය චීනය වෙත පළ කර ඇත.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාර ඉතා භයානක සහ ඔලමොට්ටල ක්‍රියාවක් ලෙසද හඳුන්වා දී තිබීමද විශේෂත්වයකි.
“චීන විසින් මේ සිදුවීම ගැන නිසි පැහැදිලි කිරීමක් සිදු කළ යුතුයි. ඒක ඕස්ට්‍රේලියාවට විතරක් අදාල කාරණයක් නෙමෙයි. මේක සමස්ත කලාපයටම අදාල ආරක්ෂාවා පිළිබඳ ගැටලුවක්” යනුවෙන්ද අග්‍රාමාත්‍ය මොරිසන් ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් මෙම සිදුවීම ජාත්‍යන්තර නීති වලට අනුව සිදු වුවක් බවත් ඕස්ට්‍රේලියාව අදාල සිදුවීම අනවශ්‍ය ලෙස දුරදිග ගෙන යන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.







