බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් අනතුරින් මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති සමග යානයේ ගමන් ගත් 05 දෙනාම මරුට…

by editor
ජනවාරි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති අජිත් පවාර් ඇතුළු පස් දෙනෙකු රැගෙන ගිය අවාසනාවන්ත ගුවන් යානය, බාරාමතී ගුවන් තොටුපළට ගොඩබැස්වීමට ගත් උත්සාහයේ දී සිදුවූ අනතුර හේතුවෙන්  ගුවන් යානයේ සිටි පස් දෙනාම  මිය ගිය බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. .

ඛේදවාචකයෙන් පසු, මහාරාෂ්ට්‍ර රජය දින තුනක රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර සියලුම රජයේ වැඩසටහන් අවලංගු කර තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධිය ගුවන් යානය මුහුණ දෙන්නේ එය බාරාමතී ගුවන්තොටුපලට ගොඩබෑම සඳහා කළ  දෙවන උත්සාහයේදී කාර්මික දෝෂයකට ලක්ව ධාවන පථය මතට කඩා වැටී ඇති බව අනාවරණය වී ඇත

වසර 16ක් පැරණි එම ගුවන් යානය, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරික ජෙට් යානයකි. එම යානා නිෂ්පාදනය කරනු ලබන්නේ කැනඩාව පදනම් කරගත් Bombardier Aerospace  ආයතනයේ   ලියර්ජෙට්  Learjet  අංශය විසිනි.

Flightradar දත්තවලට අනුව, මෙම ‘Bombardier Learjet 45 (VT-SSK)  වර්ගයේ යානය පෙරවරු 8.10 ට මුම්බායි ගුවන් තොටුපළෙන් පිටත්ව අරාබි මුහුද ඉහළින් බාරාමතී බලා පියාසර කර තිබේ.

RelatedPosts

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

පෙරවරු 8.30 ට පමණ එය ප්‍රථම වරට ගොඩබැස්වීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත. අදාළ ගුවන් සමාගම වන VSR Ventures පවසන පරිදි, පවතින අයහපත් දෘශ්‍යතාව (poor visibility) මීට හේතු වන්නට ඇත.

උදෑසන 8.42ට පමණ ගොඩබෑම සඳහා සිය දෙවන උත්සාහය සිදු  කර තිබේ. කෙසේ වෙතත්, උදෑසන 8.45ට පමණ එය රේඩාර් තිරයෙන් අතුරුදහන්  වී ඇත. ඒ වන විටත් මෙම කණගාටුදායක පුවත ප්‍රවෘත්ති නාලිකාවල ප්‍රචාරය වෙමින් තිබුණි.

මෙම ජෙට් යානය බාරාමතී (Baramati) ගුවන් තොටුපළේ අංක 11 දරන ධාවන පථයේ ආරම්භක සීමාව (threshold) ආසන්නයේදී ගිනි ජාලාවක් බවට පත්වෙමින් කඩා වැටී තිබේ. පොළොවේ ගැටී සුළු මොහොතකින් යානය පිපිරී ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කළහ.

මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් ANI පුවත් සේවය වෙත අදහස් දැක්වූ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැවසුවේ, ‘යානය ධාවන පථය දෙසට පියාසර කරමින් තිබූ අතර, ධාවන පථයට ළඟා වීමට අඩි 100ක් පමණ තිබියදී එය එක්වරම බිමට කඩා වැටුණා,’ යනුවෙනි.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රී කුණාමලය බුදු පිළිම සිද්ධිය… බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවෝ අධිකරණයට රැගෙන එති!

Next Post

රනිල්ගේ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද හවස 2ට යළි කැඳවයි…

Related Posts

පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.