හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපල පනත යටතේ පනවා ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (28) පස්වරු 02ට යළි කැඳවීමට නියමිතව තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ කාලයේ දී ඔහුගේ බිරියවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන් ඩනයට යෑම සඳහා රජයේ මුදල් මිලියන 161ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.
මේ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2025 අගෝස්තු මස 22 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.
පසුව නැවත නැවතත් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාපුර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් මත රනිල් වික්‍රමසිංහ මුදා හැරියාය.
නඩුව 2025 ඔක්තොම්බර් 25 වැනිදා යළි කැඳවිනි. එම දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ඊට අදාල විමර්ශන කඩිනම් කර විමර්ශනයේ ප්‍රගතිය අද දින අධිකරණයට දන්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
ඒ අනුව නඩුව අද පස්වරු දෙකට කැඳවීමට නියමිතය.







