කීර්ති ප්‍රනාන්දු –
මේ රටේ උද්ගත වී ඇති ප්‍රශ්නය විසඳනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයින් 225 දෙනාගෙන් කිසිම කෙනෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළවල ප්‍රභූ පර්යන්තයෙහි හා සේද මාවතේ (ආගමන හා විගමන රාජකාරි කටයුතු හා විශේෂ සත්කාර මඟින් සඳහා වෙන්කළ පර්යන්තය) මගී නිශ්කාශන කටයුතු සහ සේවා සැපයීම් වහාම ක්‍රියාත්මකවන පිරිදි අද (06) සිට අත්හිටවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිහස් සේවක සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මින් පෙර ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය මේ සේවාවන්ගෙන් ඉවත් වූ බවට නිවේදනයක් නිකුත් කර තිබිණි.
රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය විසඳිම සඳහා පාලකයන් විසින් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසඳුම් ලබා දෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ඔවුන් දැනුම් දෙයි.
ඔවුන් පවසන්නේ වත්මනෙහි උද්ගතව ඇති උග්‍ර දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ රටේ ජන ජීවිතය යථාවත් කිරීමට පාලකයින් පියවර ගත යුතු බවයි.
රටේ බහුතර ජනතාව සිය ජීවිතය ගෙන යාමට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් හෝ සපුරා ගත නොහැකි තත්ත්වයක සිටියදී ප්‍රභූන් යැයි සම්මත දේශපාලකයින් පිරිස තවමත් විශේෂ වරප්‍රසාද භුක්ති විඳිමින් සුඛ විහරණයේ යෙදීමට විරෝධය පා මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම අද දින ගුවන්තොටුපල සේවයකින් හර්තාලයට පක්ෂව දහවල් 12 ට සූදානම්කළ හර්තාලය සම්බන්ධව දැනගත් දැනගත් ගුවන්තොටුපල පරිපාලනය ඔවුන්ට දහවල් 11.30ට නිවාඩු දී බස් රථවලින් පිටත් කිරීමට කටයුතු කර ඇත. කලින්ම ඒ බව දැනගත් සේවක පිරිස උදෑසන 10ට අදලා උද්ඝොෂණය පවත්වා ඇතැයි ගුවන්තොටුප ආරංචි මාර්ග කියයි.