නැගෙන ජනතා විරෝධය හමුවේ මැති ඇමතිවරුන් පිරිසක් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වෙමින් ඇතැයි වාර්තා වේ.
රට පුපුරා යෑමට ආසන්න මොහොතකත් බලය සඳහා දියත් වී ඇති දේශපාලන ඩීල් පිළිබඳව බරපතල ලෙසස කලකිරී සිටින පිරිසක් ස්වකීය දේශපාලන ජීවිතය ද ඇමති ධුරය ද යන තීන්දුව ගැනීමට නොහැකිව සිටින බව දැනගන්නට ඇත.
මේ වනවිට රජයේ මැති ඇමතිවරුන් ගණනාවකට ස්වකීය ගම්පළාත්හි නිවෙස්වල ජීවත් වීමට නොහැකි තත්ත්වක් උද්ගත වී ඇති බැවින් කොළඹ තැන් තැන්වල නවාතැන් ගැනීමට සිදුවී තිබීමත් ඔවුන් කෙරෙහි මතුවන ජනතා කෝපය දැඩි වීමත් නිසා මෙවැනි තීන්දුවක් ගැනීමට ඇතැම් පිරිස් පෙළඹී ඇත.
සමුපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකරසිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත භාර දීම එහි ආරම්භක ප්‍රකාශනයක් බව වාර්තා වේ.