දිවයින පුරා ගුරුවර ගුරුවරියන් තම වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස රජය බලකරමින් පවත්වනු ලබන සෑම උද්ඝෝෂණයක්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන බවත් ඇතැම් සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් යළි පැතිරිය හැකි බවට අසත්‍ය ප්‍රචාරයන්ගෙන යෑම කණගාටුවට කරුණක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරයි.
කොවිඩ් පොකුරු මතු වන්නේ ගුරු උද්ඝෝෂණයන් මගින් නොව බාර් පෝලිම්, කිරි පිටි පෝලිම් , සීනි පෝලීම් වැනි පෝලීම් හේතුවෙන් යැයිද හෙතෙම පෙන්වාදේ.
කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් ක්‍රියාත්මක නොකර ජනතාව ඒකරාශි වන අවස්ථාවන් බොහෝමයක් පවතින බැවින් සෞඛ්‍ය බලධාරීන්ට ඒවා නොපෙනීම පුදුමයට කරුණක් යැයිද ස්ටාලින් සඳහන් කරයි.
කෙසේ නමුත් ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් ගුරු වෘත්තීය සංගම් ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව තවදුරටත් පවත්වාගෙන යන බව ඔහු අවධාරණය කරයි.







