ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ගුටිකෙළියකින් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් දෙදෙනා අල්ලා ගැනීමෙන් අනතුරුව කළ පරීක්ෂාවේදී එක් රැඳවියකුගේ යටඇඳුම තුළ සඟවාගෙන සිටි හෙරොයින් මත්කුඩු පැකට් 12 ක පාර්සලය ක් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලීසියට බාරදී තිබේ .
දූෂණ මර්ධන අංශයේ ඒසම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් හෙරොයින් පාර්සලය තුළ තිබූ පැකට් 12 තුල හෙරොයින් මිලිග්රැම් 696 ක් අඩංගුව තිබේ.
සැකකාර රැඳවියන් දෙදෙනා අද 18 ගාල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ගාල්ල පොලීසිය විසින් එහිදී විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය.