මනම්පිටිය නිමල් ජයරත්න-
දිඹුලාගල සොරුවිල ආන්ඩිවේල් විල් රක්ෂිතයක් තුළ ප්රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් එකසිය පහක් සහ ගෝඩා බැරල් හතරක්, මෙන්ම ඒවා පෙරීමට යොදාගත් උපකරණ සමඟ සිව්දෙනකු අද (17) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
පළමුව අත්අඩංගුවට ගත් සැකකරු සතුව බෝතල් 105 ක් තිබූ අතර ඔහුගෙන් ප්රශ්න කිරීමේදී, කසිප්පු ජාවාරම් කරුවන් සිව්දෙනෙකු හා ගෝඩා බැරල් හතරක්, සහ දඟර මෙන්ම පෙරිමට යොදාගත් උපකරණ රැසක් සොරිවිල විල් රක්ෂිතයේදී සොයාගැනීමට හැකිවූ බව වැටලීම්ට සම්බන්ධ වු කොට්ඨාස දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක සමීර මංජුල අප කළ විමසීමකදී පැවසීය.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා ගේ උපදෙස්මත, වැලිකන්ද පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාලගේ මෙහෙයවීමෙන්,කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති,පොලිස් පරීක්ෂක වසන්ත ඉන්දික ගේ මැදිහත්වීමෙන්, කොට්ඨාස දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක සමීර මංජුල, පොලිස් සැරයන්. 50867 කන්නංගර, පොලිස් කොස්තාපල්, 11869 ප්රියන්ත, පොලිස් කොස්තාපල්,, 27639 විජේසූරිය, පොලිස් කොස්තාපල්,24 976, සංදීප, පොලිස් කොස්තාපල් රියදුරු 89621,යන පොලිස් නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.