සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා ප්‍රථම වතාවට සැහැල්ලු රියදුරු බලපත්

by Lankasara News
නොවැම්බර් 17, 2022
in පුවත්
license
Share on FacebookShare on Twitter

නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කෙරේ. මේ අනුව පසුගිය දා රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු වූ අතර පසුගිය 06වෙනිදා ඔවුන් සඳහා ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදී. එම ලිඛිත පරීක්ෂණය සඳහා 76 දෙනෙකු ඉදිරිපත් වූ අතර 44 දෙනෙකු සමත් වි ඇත. ඔවුන් හට ප්‍රායෝගික පුහුණුව සඳහා තාවකාලික රියදුරු බලපත් ලබා දීම (LEARNER PERMIT) ගම්පහ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේ දී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) දිනයේ දී සිදු විය. මොවුන්ගේ මාස 03ක ප්‍රායෝගික පුහුණුවෙන් පසුව ස්ථිර රියදුරු බලපත් ලබා දීම සිදු වේ.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388000ක ප්‍රමාණයක් සිටින බවත්, එයින් 39000ක් ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින බවත් වාර්තා වී ඇත. රියදුරු බලපත් ලබා ගැනීම සඳහා දිවයින පුරා සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් 1000කට ආසන්න ප්‍රමාණයක් අයදුම් කර ඇති බවද වාර්තා වේ. විශේෂයෙන්ම තම පෞද්ගලික අවශ්‍යතාවයන් හා ස්වයං රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රවණාබාධිත පුද්ගලයින්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා දීර්ඝ කාලයක සිට රියදුරු බලපත් ලබා ගැනීමට අයදුම් කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිඵලයක් මෙතෙක් නොලද බවත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මැදිහත් වීම මත අද දින රිය පැදවීමේ තාවකාලික බලපත්‍ර ලබා ගැනීමට හැකි වූ බවත් බිහිරි වූවන්ගේ ජාතික සම්මේලනය පවසයි.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ: වසර 30ක පමණ කාලයක සිට ශ්‍රවණාබාධිත පුද්ගලයින් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කර ඇති බවත්, විවිධ අවහිරතාවයන් නිසා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවත්ය. එහෙත් මොවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානයත්, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අවධානයත් යොමු කරවීමට හැකි වීමත් තුලින් තමාගේ ධුර කාලය තුල ශ්‍රවණාබාධිත පුද්ගලයින් හට රියදුරු බලපත් ලබා දීමට හැකි වීම සතුටට කරුණක් බවද පැවසීය. මේ සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ඒකකයේ වෛද්‍යවරුන්ගේ විශේෂ සහයෝගයද මේ සඳහා ලැබුණු බවද පැවසීය. එම නිසා අද සිට තාවකාලික රියදුරු බලපත්‍ර ලැබූ අයදුම්කරුවන් ඉදිරි මාස 03 තුල හොඳින් ප්‍රායෝගික පුහුණුව ලබා මාර්ග නීති රීති පිළිබඳව අවබෝධයක් ලබා ගෙන වාහන ධාවනය සිදු කරන ලෙසත් ඒ තුලින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගන්නා ලෙසත් පැවසීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි, සහකාර මොටර්රථ ප්‍රවාහන කොමසාරිස් මිචිලා මාධවී මහත්මිය ඇතුළු නිලධාරීන් සහ බිහිරි වුවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති ගයාන් කොඩිතුවක්කු මහතා ඇතුළු නියෝජිතයින් ද සහභාගී විය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ගුටි කෙළගත් ගාල්ලේ රැඳවියන් දෙදෙනෙකුගෙන් එක් රැඳවියෙකුගේ යට ඇඳුමේ මත් කඩු පැකට් 12ක්!

Next Post

අනීතික නියෝග පිළිපදින්න බෑ… පොලිස් ලොක්කෝ රැසක් බස්නාහිර පළාතෙන් ස්ථාන මාරු ඉල්ලති….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.