ලලිත් චාමින්ද –
ඉකුත් වර්ෂයේ දි (2020) මෙරට මස් පිණිස එළ ගවයින් 162000 ක් ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2019 වසරේ ඝාතනයට ලක්ව ඇති එළ ගවයින් සංඛ්‍යාව 159000කි. 2020 වර්ෂයේ දි මෙරට එළ ගව ගහණය 1104000ක් බව මෙකි වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේ දි එළ කිරි නිෂ්පාදනය ලිටර් මිලියන 414කි.
එමෙන්ම ඉකුත් වර්ෂයේ දි (2020) මස් පිණිස බැටළුවන් හා එළුවන් 34000ක් මරාදමා ඇතිබව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේ දී බැටළු ගහණය 11000කි. එළුවන්ගේ ගහනය 334000කි.
ඉකුත් වර්ෂයේ දි මෙරට ඌරන් 21 000ක් ඝාතනයට ලක්ව ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.
එම වර්ෂයේ දි ඌරන්ගේ ගහනය 93000කි. ශ්‍රි ලංකාවේ ආර්ථික හා සමාජිය සංඛ්‍යාන පිළිබඳ දත්ත සම්බන්දයෙන් මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.