ලලිත් චාමින්ද –
-
අසමත් වූ ඖෂධ වර්ග 19ක් සඳහා අදාල සැපයුම්කරුවන්ගෙන් රුපියල් විසි අට කෝටි අසූ හත් ලක්ෂක දස දහස මුදලක් අය කරගෙන නෑ…
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දි (2023) මිලදිගනු ලැබු ඖෂධ තොග අතුරින් තිස් දෙකෝටි දොලොස් ලක්ෂ හතලිස් දහසක (මිලියන 321.24)ක වටිනාකමින් යුතු ඖෂධ වර්ග 26ක් තත්ත්වයෙන් අසමත් වි තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
එසේ තත්ත්වයෙන් අසමත් ව තිබු ඖෂධ වර්ග 19ක් සඳහා අදාල සැපයුම්කරුවන්ගෙන් රුපියල් විසි අට කෝටි අසූ හත් ලක්ෂක දස දහස ( මිලියන 288.71) ක මුදලක් අයකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
2022 හා 2023 යන වර්ෂවලදි ඖෂධ කල්ඉකුත්විම සහ හානිවිම නිසා සංස්ථාවට දැරිමට සිදුවු මුළු අලාභය රුපියල් අට කෝටි හැට තුන් ලක්ෂ හැත්තෑ දහස (මිලියන 86.37)කි.
අයකර නොගත් මුදල් සැපයුම්කරුවන්ගෙන් කඩිනමින් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.





