බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිය අවුරුද්දේ මේ කාලයට වඩා මාරක රිය අනතුරු සියයට 7කින්, මරණ සියයට 09කින් වැඩි වෙලා… රිය අනතුරු වැලැක්වීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය ෆේල් ද?

by editor
මැයි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ප්‍රධානම ජාතික ව්‍යාපෘතියක් ලෙස ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපාරය යටතේ අනතුරු අවම කිරීම සඳහා වසර මුල ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළේ ඉලක්ක ප්‍රතිඵලයට සපුරා වෙනස් ප්‍රතිඵලයක් අත් කර දෙමින් මේ වසරේ මැයි මස 23 වැනිදා වනවිට මාරක අනතුරු දල වශයෙන් සියයට 7කින් වැඩි වී ඇති බවත්, මාරක අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව සියයට 9කින් වැඩි වී ඇති බවත් පොලිස් රථවාහන අංශයේ සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 23 වැනිදා දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 986ක් සිදුව තිබිණි, එම අනතුරුවලින් මියගොස් ඇති ගණන 1051ක් බව රථවාහන පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.

2024 වසරේ මෙම කාලය තුළ සිදුව ඇති මාරක රිය අනතුරු ගණන 924කි. එම අනතුරුවලින් මියගොස් ඇති ගණන 965කි.

ඒ අනුව 2024 වසරේ සිදුවූ රිය අනතුරුවලට වඩා 2025 වසරේ මේ කාලය තුළ මාරක රිය අනතුරු 62ක වැඩි වීමක් ද මරණ 86කින් වැඩිවීමක් ද වාර්තා වී තිබේ.

මෙම වසරේ මාරක රිය අනතුරු ප්‍රමාණාත්මකව අඩු කිරීමට පොලීසිය වසර ආරම්භයේදීම වැඩසටහනක් දියත් කරනු ලැබුව ද එම සියලු වැඩසටහන් හුදු ප්‍රචාරක ව්‍යාපෘති වූවා මිස ප්‍රශ්නයේ ගැඹුර සහ අර්ථය හඳුනාගෙන දියත් කළ ඒවා නොවන බවට විවේචන පැන නැගිනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමෙන්ම වැරදි කරන වැරදි කරන රියැදුරන් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝ යොමු කිරීමට දුරකතන ඇප් එකක්ද මහජනතාවට හඳුන්වා දෙනු ලැබුවත් එම ක්‍රියාවලිය ද සක්‍රීයව සමාජය තුළට රැගෙන ගොස් බලගැන්වීමට රජය අපොහොසත් විය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් අද රූපවාහිනී වැඩසටහනකට එක් වුන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ පොලිසිය පාරට බැස මෙහෙයුම් වැඩි කර ඇති නමුත් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් අති නොකර මේ රිය අනතුරු වළක්වා ගත නොහැකි බවය.

“ගිය වසරට සාපකේෂව මේ වසරේ දී බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීම තුන් ගුණයකින් වැඩිවී තිබෙනවා. ඇලකොලයිසර් සියයට 75ක් ඉවරයි. අපේ අත් දැකීම තමයි මාරක රිය අනතුරු බොහෝමයකට බීමත්කම සම්බන්ධයි. මේ සියලුම දේ පොලිසිය පැත්තෙන් අපි කරනවා. ඒත් රිය අනතුරු වැඩි වෙනවා.”

“ගිය වසරට වඩා මේ කාලය ගත්තෝත මේ වසරේ රිය අනතුරු වැඩියි. මේ තරම් අප ක්‍රියාකාරී වෙලත් රිය අනතුරු වැඩියි කියලා කියන්නේ මේ ප්‍රශ්නය විසඳා ගන්න පොලිසියේ විතරක් මදි. රිය අනතුරු මැඩ ගැනීම සඳහා සියල්ල ගැන අවධානය යොමු කර විශාල වැඩපිළිවෙළක් දියත් කළේ නැතිනම් විශාල ප්‍රශ්නයක් ඇති වේවි…” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ඉන්න කෙහෙල් බද්දරපද්මේගේ අවලංගු වුන පාස්පෝට් එකට අලුත් පාස්පෝට් එකක් හැදූ ආගමන හා විගමන සහකාර පාලක ජෙනරාල්වරයෙක් අත් අඩංගුවට…

Next Post

කුමණ මහා වන අරණේ බඹරගස්තලාව ගිරිලෙන්හි වැඩ හිඳ මහා වීර්යයෙන් බවුන් වඩන අප්‍රකට හිමිවරු…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.