අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනිගත් මන්ත්‍රි නිවාස 47 වෙනුවට තලවතුගොඩින් නිවාස 101ක් !.. 43 සේනාංකය හෙළි කරයි

by editor
මැයි 20, 2022
in පුවත්
Viyathpura
Share on FacebookShare on Twitter

පසුගිය මැයි 09 වැනිදා ඇති වූ ගොල්ෆේස් සාමකාමී විරෝධයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂට  පක්ෂපාතී මැර පිරිස් විසින් සිදු කරන ලද ප්‍රහාරයෙන් පසුව කුපිත වූ ජනතාව ගිනි තබා විනාශ කළ නිවාස 47ක් වෙනුවෙට මන්ත්‍රිවරුන් සඳහා නිවාස ඒකක 101 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඊයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් භාර දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

දැනට වාර්තා වන පරිදි නිවාස දේපළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගේ නිවාස ගණන 47ක් වුවද ඔවුන්ට නිවාස 101ක් ලබා දුන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන 43 කණ්ඩායමේ මුදල් ලේකම් සුමේධ රත්නායක   අද (20) මාධ්‍ය හමුවකදි ප්‍රශ්න කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ රත්නායක   මෙම නිවාස තලවතුගොඩ වීර මාවතේ වියත් පුර නම් නිවාස යෝජනා ක්‍රමය තුළ ඉදි කර ඇති බවත් මෑතකදී ඉදි කර නිවාස ඒකක 101 ක් සහිත ගොඩනැගිල්ලේ යතුර ඊයේ වනවිට එම අධිකාරිය විසින් අදළ පර්ශ්ව වෙත භාර දී ඇති බවත්  එහිදී ඔහු අනාවරණය කළේය.

“ප්‍රචණ්ඩ ක්‍රියා නිසා දේපළ හානි වුණේ හතළිස් ගාණකි. ඔවුන්ට නිවාස 101ක් දෙන්නේ ඇයි? මේ එක් ගෙයක වටිනාකම එක්කෝටි 70 ලක්ෂයක්. නිවාස ඒකක 101කට නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 1117ක් වැය කර තිබෙනවා. මෙච්චර ලොකු මුදලක් වැය කර  හදපු දේපළක් නාගරික සංවර්ධන අධිකාරියට රජයට ලබා දෙන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ. එයින් නාගරික සංවර්ධන අධිකාරියත් බංකොලෙත් වෙන්න පුළුවන්.“ යයිද පැවසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ රත්නායක  මෙසේද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අන්තර්වාර රජයක් සාර්ථක ව කරනවා නම් එය දේශපාලන වශයෙන් ක්‍රියාත්මක භාවයෙනුත් සාර්ථක වෙන්න ඕන. අපි දැක්ක පසුගියදා පාර්ලිමේන්තුවේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ඔවුන්ගෙ බලය හසුරුවපු ආකාරයත. ඒ වගේමයි තවමත් ඔවුන්ගේ වැඩ පිළිවෙළ මේ රජය තුළත් යනවද කියන සැකය පවතිනවා. ඊයේ රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුවේදී කියනවා එදා මැයි 09 ප්‍රහාරයට මැරයන් ගෙනාපු මහා මාර්ග ලේකම් ගැන. ඔහු අදටත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ටෙන්ඩර් පිරිනැමීම සිදු කරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඩොලර් මිලියන 880ක් වැඩි ඉල්ලුම්කරුවට ටෙන්ඩරය දෙන්න කටයුතු කළේ ඔහු. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා යුගදනවි ගිවිසුම අත්සන් කළ පුද්ගලයා. ඔහුත් තවමත් වැඩ කරනවා. අන්තර්වාර රජයක් සාර්ථක වෙන්න නම් එක් එක් අයට අවශ්‍ය දේශපාලන අවශ්‍යතාවට වැඩ කරන නිලධාරීන් සිටිනවා ද යන්න සලකා බැලීම වටිනවා “ යැයිද පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IOC ගෙන්වූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28000ක් අ ඉන්ධන පිරවුම්හල් 700ක…

Next Post

අප්පිරියා හිතුණා! ඇමතිකම ගත්තේ මූණවත් නොබලා ! හරීන් කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.