කිර්ති ප්‍රනාන්දු –
අයිඕසී සමාග මගින් ගෙන්වනු ලැබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28000ක් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට අයීඕසි සහ සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල්වලට බෙදා හැරීම ආරම්භ කළ බව ලංකා ඛණිජතෙල් ප්‍රවාහන පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේය.
එම ඉන්ධන මෙට්‍රික් ටොන් 28000ට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 19000ක්, ඔක්ටේන් 95 වර්ගයේ මෙට්‍රික් ටොන් 9000ක් එම තොගයේ අඩංගුය.
අද සිපෙටිකෝ පිරවුම්හල් 500කට සහ අයිඕසි පිරවුම්හල් 200කට ඉන්ධන තොගය බෙදා දී ඇති බව එම සංගමය කියයි.
මේ අතර ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඇනවුම්කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28000 නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කර ඇති බව සංස්ථාව පවසයි.
එම පෙට්‍රල් තොග හෙට සහ අනිද්දා පිරවුම්හල්වලට බෙදා දෙන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.