ලලිත් චාමින්ද –
ගිංතොට පල්ලිය අසල මෝය කට ආශ්‍රිත මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අද (08) පස්වරුවේ දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බැව් ගාල්ල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 සහ 15 වැනි වියේ පසුවන සිසුන් දෙදෙනෙකි.සිසුන් හතර දෙනකු මෙකී මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇත. ඉන් දෙදෙනෙකු දිය නාමින් සිටියදී මෝය කට ආශ්‍රිතව ඇති වලක වැටී දියේ ගිලි ඇති බැව් බව පොලිසිය පවසයි .
එක් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් සිසුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක ට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය සිසුන් දෙදෙනාගේ මෘත දේහයන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත .
පශ්චාත් මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධව ගාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.







