ගෑස් සම්බන්ධයෙන් වාර්තා වී ඇති අනතුරුවලදී සාපරාධීමය වරදක් ලෙස සිදුකොට නොමැති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කිසියම් පාර්ශ්වයක් විසින් යමෙකුට තුවාල කිරීමේ හෝ මරණය ඇති ඇති කිරීමේ අදහසින් සිදු කර ඇතනම් එය සාපරාධීමය වරදක් ලෙස ගෙන දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව ය.
ගෑස් අනතුරු සම්බන්ධ කමිටු වාර්තාවේ දී යම් හෙයකින් හෙළි වුවහොත් මෙය කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා වෙනත් අයෙකුට තුවාල කිරීමේ මරණය ඇති ඇති කිරීමේ අදහසින් කරන ලද්දක් බවට, පාස්කු ප්‍රහාරයේ දී වගකීම පැහැර හැරීම සාපරාධී වරදක් ලෙස ගැනුණු බැවින් හිටපු පොලිස්පතිවරයාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට නීතිය ක්‍රියාත්මක කළා මෙන්ම, මොවුන් ද නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
ලක්ෂ 40 ක පමණ පිරිසක් ගෑස් භාවිත කරන අතර 50000කට අධික ගෑස් උදුන් හා අංගෝපාංග අලුත්වැඩියා වීම වාර්ෂිකව සිදුවන බවද ඔහු කීය .
මෑතකදී සිදුවූ ගෑස් සම්බන්ධ සිද්ධීන්වලදී වාර්තා වූ සිද්ධි 299ක්ම ජනතාව විසින් සබන්පෙන වතුර ආදිය දමා ගෑස් කාන්දු වන්නේදැයි පරීක්ෂා කර බැලු අවස්ථා බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කීය.
ගෑස් අනතුරු පිළිබඳ සොයා බැලූ කමිටු වාර්තාව අද ජනාධිපතිවරයාට භාර දීමට නියමිතය.







