බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් නැතිව පණ අදින රටට ගෑස් ගන්න ණයට ගත්තු ඩොලර් ටිකත් ඩීල් ගසා කොල්ල කාලා !  

by editor
ජූනි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට මුහුණ පා ඇති උග්‍ර ගෑස් අර්බුදයට පිළියමක් ලෙස තායිලන්ත ගෑස් සමාගමකින් අඩු මිලට ගෑස් ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබිය දී හිටපු තරුණ ඇමතිවරයෙක් හා වත්මන් තරුණ කැබිනට් ඇමතිවරයෙක් එක්ව වැඩි මිලට ඕමාන් ගෑස් සමාගමකින් ගෑස් ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යනත්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

කැබිනට් අනුමැතිය ලැබී තිබෙන තායිලන්ත සමාගම  ගෑස්  මෙට්‍රික් ටොන් එක්ක ඩොලර් 112කට ලබා දීමට කැමැත්ත පල කර තිබුණ අතර ඕමාන සමාගමෙන් ගෑස් ලබා දීමට එකඟව  ඇත්තේ මෙට්‍රික් ටොන් එක්ක ඩොලර් 129කට බව  ඉහත ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම ගනුදෙනුවෙන් පමණක්  ඉහත හිටපු සහ සිටින ඇමතිවරුන් දෙදෙනා   රුපියල් කෝටි ගණනක අයථා ලෙස පිල්ලි ගැසීමට සූදානම් වූයේ දැයි සැකයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධව විමසිලිමත් බවත් එම  ආරංචි මාර්ග පවසයි.

අඩු මිලට ගෑස් ලබා දෙන  තායිලන්ත සමාගමෙන් ගෑස් මිල දී නොගෙන වැඩි මිලට ගෑස් ලබා දෙන ඕමාන් සමාගමෙන් ගෑස් ලබා ගන්නේ එම සමාගම මාස  04කට  ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දීමට එකඟ වී ඇති නිසා බවත්,  තායිලන්ත සමාගම  මාස 04ටම ලබා දීමට එකඟවී ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් හැට දහසක් පමණක්   බවත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී දැනට කැබිනට් ඇමති ධුරය දරන තරුණ ඇමතිවරයා  ප්‍රකාශ කර ඇත.

එහෙත්  අඩු මිලට ගෑස්  ලබා දීමට එකඟ වී ඇති තායිලන්ත සමාගම සමග  ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට වත්මන් තරුණ ඇමතිවරයා මේ වනතුරුත් සාකච්ඡා කර නැති බවත්,   ඒ සම්බන්ධව කටයුතු කරන කිසිදු පාර්ශවයක්   එම සාකච්ඡාව පවත්වා නැති බවත්  තොරතුරු අනාවරණය වී තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙලෙස මාසය 04කට   මෙට්‍රික්   ටොන් ලක්ෂයක් ලබා දෙන බව  පවසන ඕමාන සමාගමෙන් ගෑස් ගැනීමෙන්  වැඩිපුර විශාල  ඩොලර් ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බවත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති  ඩොලර් අර්බුදය හමුවේ මෙලෙස පුද්ගලයින් දෙදෙනෙකුගේ අපේක්ෂාවක් ඉටු කිරීමට ඉඩ දීම මහා අපරාධයක් බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති  නායකයෙක් ලංකාසරට පැවසීය.

මෙම ගනුදෙණුවට සම්බන්ධ හිටපු තරුණ ඇමතිවරයා පසුගිය රජය  සමයේ ද ඕමාන් සමාගමකින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ දී  විශාල මුදලක් කොමිස් ඉ ල්ලීම නිසා එම සමාගම ලංකාවට ඉන්ධන ලබා දිම  ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි…

Next Post

පල්ලෙකැලේ ක්‍රිකට් තරගය බලන්න ගොස් අයුතු පොලිස් බලපෑමට එරෙහිවූ සරසවි සිසුන් 04ක් රාජකාරියට බාධා කළැයි පොලිස් අත්අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.