රට මුහුණ පා ඇති උග්‍ර ගෑස් අර්බුදයට පිළියමක් ලෙස තායිලන්ත ගෑස් සමාගමකින් අඩු මිලට ගෑස් ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබිය දී හිටපු තරුණ ඇමතිවරයෙක් හා වත්මන් තරුණ කැබිනට් ඇමතිවරයෙක් එක්ව වැඩි මිලට ඕමාන් ගෑස් සමාගමකින් ගෑස් ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යනත්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
කැබිනට් අනුමැතිය ලැබී තිබෙන තායිලන්ත සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එක්ක ඩොලර් 112කට ලබා දීමට කැමැත්ත පල කර තිබුණ අතර ඕමාන සමාගමෙන් ගෑස් ලබා දීමට එකඟව ඇත්තේ මෙට්‍රික් ටොන් එක්ක ඩොලර් 129කට බව ඉහත ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ගනුදෙනුවෙන් පමණක් ඉහත හිටපු සහ සිටින ඇමතිවරුන් දෙදෙනා රුපියල් කෝටි ගණනක අයථා ලෙස පිල්ලි ගැසීමට සූදානම් වූයේ දැයි සැකයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධව විමසිලිමත් බවත් එම ආරංචි මාර්ග පවසයි.
අඩු මිලට ගෑස් ලබා දෙන තායිලන්ත සමාගමෙන් ගෑස් මිල දී නොගෙන වැඩි මිලට ගෑස් ලබා දෙන ඕමාන් සමාගමෙන් ගෑස් ලබා ගන්නේ එම සමාගම මාස 04කට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දීමට එකඟ වී ඇති නිසා බවත්, තායිලන්ත සමාගම මාස 04ටම ලබා දීමට එකඟවී ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් හැට දහසක් පමණක් බවත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී දැනට කැබිනට් ඇමති ධුරය දරන තරුණ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
එහෙත් අඩු මිලට ගෑස් ලබා දීමට එකඟ වී ඇති තායිලන්ත සමාගම සමග ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට වත්මන් තරුණ ඇමතිවරයා මේ වනතුරුත් සාකච්ඡා කර නැති බවත්, ඒ සම්බන්ධව කටයුතු කරන කිසිදු පාර්ශවයක් එම සාකච්ඡාව පවත්වා නැති බවත් තොරතුරු අනාවරණය වී තිබේ.
මෙලෙස මාසය 04කට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දෙන බව පවසන ඕමාන සමාගමෙන් ගෑස් ගැනීමෙන් වැඩිපුර විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බවත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් අර්බුදය හමුවේ මෙලෙස පුද්ගලයින් දෙදෙනෙකුගේ අපේක්ෂාවක් ඉටු කිරීමට ඉඩ දීම මහා අපරාධයක් බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෙක් ලංකාසරට පැවසීය.
මෙම ගනුදෙණුවට සම්බන්ධ හිටපු තරුණ ඇමතිවරයා පසුගිය රජය සමයේ ද ඕමාන් සමාගමකින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ දී විශාල මුදලක් කොමිස් ඉ ල්ලීම නිසා එම සමාගම ලංකාවට ඉන්ධන ලබා දිම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.