ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් පොලීසිය විසින් ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ක්‍රීඩාංගණයට ඇතුළු වන පල්ලේකැලේ ආයෝජන මණ්ඩල පිවිසුම ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට බැණ තර්ජනය කරමින් මොවුන් කළහකාරි ලෙස හැසිරුණු බව පොලීසිය පවසයි.
එහෙත් සිදුවී ඇත්තේ ක්‍රීඩාංගණයට අතුළු වන පුද්ගලයින්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරමින් සිටියදී එහි පැමිණි පිරිසකට අයුතු ලෙස බලය පාවිච්චි කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට මෙම සිසුන් එරෙහි වීම බව වාර්තා වේ.
පොලිසිය පවසන්නේ බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීමේ දී ඔවුන් පාලනය කිරීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේ අදාළ පිරිස අතර සිටි මෙම සිසුන් සිව්දෙනා කළහකාරි ලෙස හැසිරුන බවත්ය.
එසේ හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර නිලධාරීන්ට බලහත්කාරපෑමක් සිදුකිරීමේ චෝදනාව යටතේ සිසුන් සිවු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 24 -28 වයසේ පසුවන ඔවුන් මාවතගම,කොස්ලන්ද,අකුරම්බොඩ හා කැකිරාව ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. මෙම සිසුන් පල්ලේකැලේ පොලීසිය මගින් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.