ගෑස් අනතුරු සිදු වූ වින්දිතයින්ට මේ අවස්ථාවේදී වන්දි ගෙවීම අපහසු කටයුත්තක් බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගෑස් සිලින්ඩරයට අදාළව පවතින රක්ෂණාවරණය එලෙසම පැවතියද ගෑස් කර්මාන්තය සහ ගෑස් උපකරණ කර්මාන්තය දෙකක් බවයි.
යම් හෙයකින් ගෑස් නිෂ්පාදනයේ සිදුවී ඇති වරදක් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත්නම් ඒ පිළිබඳ එම රක්ෂණාවරණය පවතින බවද ඔහු සඳහන් කළේය.
එහෙත් වන්දි යනු නෛතික කටයුත්තක් බැවින් මේ අවස්ථාවේදී වන්දි ගෙවීම අපහසු බව සභාපතිවරයා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
“පොලීසියට වාර්තාවී ඇති පරිදි වසරකට මෙතරම් විශාල ප්‍රමාණයක් මේ ගෑස් උදුන් විනාශ වීම අළුත්වැඩියා වීම සිදු වෙනවා නම් ජනතාවගේ පැත්තෙන් තව දෙයක් තේරුම් ගත යුතුයි. අපි ඒ පිළිබඳ සංවේදී. මොකද මේ අපේ පාරිභෝගික ජනතාව නිසා. ඒ වගේම ලිට්රෝ සමාගම කියන්නේ අවුරුදු 150ක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්න සමාගමක්. කොයි වෙලාවකවත් අමතක කරන්න එපා අපි සංවේදී වෙනවා ජනතාව පිළිබඳව. ගෑස් සිලින්ඩරේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වන රක්ෂණාවරණය මේ වෙනකොටත් ක්‍රියාත්මකයි. ඒ ගෑස් පිළිබඳව පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා නම්, නිෂ්පාදනය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා නම්. හැබැයි අපි අමතක නොකළ යුතුයි ඔබ මේ මිලදී ගන්න ගෑස් උපකරන මිළදීගන්නෙත් සමාගම් විසින්. ඉතින් ඒ අය විසින් ඔබට ලබාදෙන තත්ත්ව සහතිකයක් තිබෙනවා. අනිත් උපකරණ විකුණන්නෙත් තවත් සමාගම් විසින්. මෙතනදී අපි ලිට්‍රෝ ගෑස් සමාගම වශයෙන් ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරනවා. ඒ වගේ අපි උත්සාහ කරනවා යම් අවස්ථාවලදී මැදිහත් වීම් කරන්න. ඒ මැදිහත්වීම් වලදී අපේ සහෝදර ජනතාවවට පිළියමක් වශයෙන් ඉදිරිපත් කළත්, වන්දි කියන දේ නෛතික කටයුත්තක්. මේ සාධක මත මෙතරම් විශාල ප්‍රමාණයක් විනාශ වීම සිද්ධ වෙනවා නම්… ඒක වෙනමම industry එකක්. ගෑස් කියන්නේ එක industry එකක් උපකරණ කියන්නේ තව industry එකක්. ඒකට අදාලව බිලියන ගණනක තවත් වෙළෙඳ පොළක් තිබෙනවා. ඉතිං අපිට මේ අවස්ථාවේදී එවැනි වන්දි දීමේ කටයුතු එහෙම කරන්න පුළුවන්කමක්, ඉතාම අපහසුයි කියන එකයි ප්‍රකාශ කළ යුත්තේ” යැයි ද සභාපතිවරයා කීය.







