ගාලුමුවදොර අරගල භූමියට මහා ජනගඟක් ගලමින් තිබේ.
වාර්තාවන පරිදි මේ වනවිට අරගල භූමියේ දැඩි තදබදයක් ඇතිවී තිබෙන බවත් මේ වනවිට පනස් දහසකට අධික ජනකායක් භූමියට පැමිණ සිටින බවත් වාර්තා වේය.
ජනතාව තවදුරටත් විරෝධතා භූමියට පැමිණෙමින් සිටින බවත් මධ්‍යම රාත්‍රිය වන විට මෙම ජන සංඛ්‍යාව අසූ දහස ඉක්මවා යා හැකි බවත් ගාලුමුවදොර අගල භූමියෙන් වාර්තා වේ.
අද සවස ශ්‍රී ලංකාවේ ජනතා ක්‍රිකට් වීරයා වූ සනත් ජයසූරිය ජන අරගල භූමියට පැමිණියේය. සනත් ජයසූරිය පසුකාලයක දේශපාලනයට පිවිස මහින්ද රාජපක්ෂලාගෙ සමීපතම දේශපාලන සගයෙක් ලෙස කටයුතු කළ අයෙකි.
ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් වූ ධම්මික ප්‍රසාද්ගේ නිරාහාර සත්‍යග්‍රහයට සහාය පල කිරීමට ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජනු රණතුංග, ශ්‍රී ලංකා විශිෂ්ට වේගපන්දු යවන්නෙක් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ චම්පක රාමනායක පැමිණියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ගෞරවනීය මහත්මයා ලෙස හඳුන්වන සිදත් වෙත්තමුණි, ලෝකම පිළිගත් සම්භාවනීය ක්‍රිකට් තීරකවරයෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙක් වූ රොෂාන් මහානාම පැමිණ ගොස් තිබිණි.
සනත් ජයසූරි පැමිණි අවස්ථාව…







